ශී‍්‍රස් යකුන් පිටුපස රට අස්ථාවර කිරීමේ සුක්‍ෂම මනෝ විද්‍යාත්මක මෙහෙයුමක් – ජාතික හෙළ උරුමය

Spread the love

ශී‍්‍රස් යකුන් පිටුපස රට අස්ථාවර කිරීමේ සුක්‍ෂම මනෝ විද්‍යාත්මක මෙහෙයුමක් ඇතැයි ජාතික හෙළ උරුමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය

2011-08-24

ශී‍්‍රස් යකුන් පිටුපස රට අස්ථාවර කිරීමේ සුක්‍ෂම මනෝ විද්‍යාත්මක මෙහෙයුමක්.

ගෙවී ගිය සති කිහිපය තුළ ශී‍්‍රස් යකුන් භූතයින් මුල් කර ගනිමින් රට තුළ විශාල නොසන්සුන්තාවයක් හා කැළඹිලිකාරි තත්ත්වයක් නිර්මාණය වී ඇත. ශී‍්‍රස් යකුන් මුල් කරගෙන ජනතාව බිය වද්දවමින් නොසන්සුන් තත්ත්වයක් ඇති කරමින් ජිවිත හා දේපළ වලට හානි කරමින් ඇත.

මේ වන විට ආරක්‍ෂක අංශ වල ජිවිත ගණනාවක් අහිමි වී ඇති අතර ශී‍්‍රස් යකුන් යැයි සැක කළ පුද්ගලයින් ගණනාවක් කෲර ලෙස කපා කොටා මරා දමා ඇත. ශී‍්‍රස් යකුන් පිළිබඳ අසත්‍ය ප‍්‍රචාර පතුරවා හැර පොලීසියට හා ආරක්‍ෂක හමුදාවට එරෙහිව ජනතාව පෙළඹවීම පිටුපස සිටින හදිසි හස්තය කුමක්දැයි සොයා බැලීම රජයෙත් ආරක්‍ෂක අංශ වලත් වගකීමකි.

ශී‍්‍රස් යකුන් මුල් කරගනිමින් හමුදා කඳවුරු වටකර පහරදීමටත් පොලිස් මුරපොළවල් ගිනි තැබීමටත් පොලිස් නිළධාරීන්ට පහරදීමටත් ජනජිවිතය අඩාල කිරීමටත් නීතිය අතට ගෙන පොලිස් නිළධාරීන් සහ සැක සහිත පුද්ගලයින් ඝාතනය කිරීම පිටුපස කි‍්‍රයාවට නැගෙමින් තිබෙන මෙම ප‍්‍රචණ්ඩ සුක්‍ෂම සැළසුම පිලිබඳව රජයේ බුද්ධිඅංශ වල වහාම අවධානය යොමු කළ යුතුය. මක්නිසාද යත් නැගෙනහිර පළාතෙත් විශේෂයෙන් බහුතරයක් මුස්ලිම් ජනතාව ජිවත්වන ප‍්‍රදේශ වලත් එමෙන්ම යාපනයේ ජනතාව බිය වද්දමින් ප‍්‍රකෝපකරමින් හමුදාවට සහ පොලීසියට එරෙහිව කඩු, පොලූ, කැති ගෙන ප‍්‍රචණ්ඩකාරී ලෙස නැගී සිටිම පිටුපස නැගෙනහිර මුස්ලිම් අන්තවාඳී බලවේග සහ කොටි හිතවාදී බලවේග සිටින බවත් ආරක්‍ෂක ප‍්‍රධානීන් මේ පිළිබඳව ඉදිරිපත් කර ඇති අදහස් නීරික්‍ෂණය කිරීමේ දී පෙනී යයි.

එමෙන්ම මේ පිටුපස රට අස්ථාවර කිරීමට මානබලන ආණ්ඩු විරෝධී, රාජද්‍රෝහී, දේශද්‍රෝහී බලවේග ද සිටින බව පෙනී යයි. කොටි ත‍්‍රස්තවාදය පරාජයකිරීමෙන් පසු රට තුළ ස්ථාපිත වූ නිදහස සාමය හා දේශපාලන ස්ථාවරභාවය බිඳ දැමීමත් ති‍්‍රවිධ හමුදාව කෙරෙහි රටේ ජනතාව තුළ ඇති ගෞරවය කීර්තිය බිඳ දැමීමත් මේ පිටුපස ඇති තවත් අරමුණක් බව පෙනේ. එමෙන්ම ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු අපේ ආරක්‍ෂක හමුදාවට ඇති ගෞරවය මුසු වූ බිය නැති කර කොටි ත‍්‍රස්තවාදය පැවති සමයේ කි‍්‍රයාවට නැගුනු මක්කල් පාඬේ (මහජන පෙරමුණ ප‍්‍රහාරය* ප‍්‍රහාරවලට දෙමළ හා මුස්ලිම් ජනයා යොමු කිරීම මේ පිටුපස කි‍්‍රයාවට නැගෙන ත‍්‍රස්ත හිතවාදී බලවේග වල නවතම අත්හදා බැලීමක් බවද පෙනේ. ශී‍්‍රස් යකුන් මුල් කර ගනිමින් අරමුණු දෙකක් ඉටු කර ගැනීමට මේ පිටුපස සිටින බලවේග උත්සාහ කරයි.

ශී‍්‍රස් යකුන් හා ජනාධිපතිවරයා සම්බන්ධ කරමින් ජනාධිපතිවරයාගේ ප‍්‍රතිරූපය බිඳ දැමීමත්, ආරක්‍ෂක හමුදා අපකීර්තියට පත් කිරීමත්, ආරක්‍ෂක හමුදාව සමග ගැටුමකට ජනතාව පෙළඹවීමත් ඒ හරහා ආරක්‍ෂක හමුදා ප‍්‍රහාර වලින් ජනයා ඝාතනයට ලක් කිරීමට ඉඩ සැළසීම. ශී‍්‍රස් යකුන් පිටුපස සිටින ත‍්‍රස්ත හිතවාදී ආණ්ඩුවිරෝධී බලවේග වල අරමුණක් වී ඇති බව පැහැදිලි වේ. රටේ දේශපාලන ස්ථාවරභාවය බිඳ දැමීම ජනජිවිතය අවුල් කිරීමත් ආණ්ඩු විරෝධී කැරළිකාරිත්වයකට රට පෙළගැස්වීමත් අරමුණු කරගත් මනෝ විද්‍යාත්මක සුක්‍ෂම දේශපාලන මෙහෙයුමක් බව පැහැදිලිය.

ශී‍්‍රස් යකුන් මුල් කර ගනිමින් කි‍්‍රයාවට නැගෙන මෙම නවීන මනෝ විද්‍යාත්මක මාධ්‍ය දේශපාලන අත්හදා බැලීම් හා මෙහෙයුම පිටුපස ශී‍්‍ර ලංකාව අස්ථාවර කිරීමට කි‍්‍රයාත්මක වන කලාපීය හා ජාත්‍යන්තර බලවේග සිටින බව අප අමතක නොකළ යුතුය. දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධන් පසුගියදා රජයට තර්ජනය කරමින් කියා සිටියේ තම අයිතිවාසිකම් නොදුනහොත් සිවිල් අරගලයකට දෙමළ ජනයා පෙළ ගස්වන බවයි. එමෙන්ම බටහිර බලවේග ද යුද අපරාධ චෝදනා මත ශී‍්‍ර ලංකාව දේශපාලන හා ආර්ථික වශයෙන් අස්ථාවර කිරීමට විශාල පීඩනයක් හා තෙරපුමක් ඇති කරමින් ඇත. දේශපාලන වශයෙන් නන්නත්තාර වී ඇති බලවේග කටකතා බොරු ප‍්‍රචාර පතරවමින් ඇත.

මෙය පැහැදිලිවම පාලනතන්ත‍්‍රයේ වෙනසක් කිරීම සඳහා බටහිර රටවල් විසින් කි‍්‍රයාවට නැගෙන න්‍යාය පත‍්‍රයේ එක් කොටසක් විය හැකිය. මේ ආකාරයටම හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා සම්බන්ධයෙන් ද කටකතා බොරු ප‍්‍රචාර පතුරුවා දේශපාලනික වශයෙන් ඔහුගේ ප‍්‍රතිරූපය විනාශ කළ ආකාරය අප සිහියට නගා ගත යුතුය.

එබැවින් ජිවිත ගණනාවක් විනාශ කරමින්, දේපොළ විනාශ කරමින් ශී‍්‍රස් යක්කු සංකල්පය මුල් කරගෙන කි‍්‍රයාවට නැගෙන රාජ්‍ය විරෝ්ධී ආණ්ඩු විරෝධී මෙම මනෝ විද්‍යාත්මක මෙහෙයුම පිටුපස සිටින විජාතික බලවේග හා ත‍්‍රස්තගැති බලවේගත්, අන්තවාදී බලවේගත් යළි ත‍්‍රස්තවාදයට රට බිලි දීමට කසකරුවන් වශයෙන් කටයුතු කරන දුෂ්ට විසකුරු බලවේග හඳුනාගෙන ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් නීතිය අතට ගෙන ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කර දැඩි දඩුවම් දීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිමු.

මෙම තත්ත්වය වර්ධනය වීමට ඉඩ දී රටේ ජාතික ආරක්‍ෂාව අනතුරට හෙළීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අපගේ දැඩි කනස්සල්ල රජයට පළ කර සිටින අතර ශී‍්‍රස් යකුන් පිටුපස එන රට අස්ථාවර කිරීමට මාන බලන ජාතික විජාතික දුෂ්ට විසකුරු බලවේගවලට අසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර ත‍්‍රස්තවාදය පරාජය කර උදා කර ගත් නිදහස් සාමයත් රැක ගැනීමට පෙරට එන ලෙස සියලූ ජාතිමාමක බලවේගවලින් ඉල්ලා සිටිමු.

පූජ්‍ය  ඕමල්පේ සෝභිත නාහිමි
නායක
ජාතික හෙළ උරුමය

Loading...

RSL

Related Posts