හම්බන්තොට වරාය පත්ලේ ගල කඩන්න රජය නැවත ණය ලබාගනියි

Spread the love

හම්බන්තොට වරාය පත්ලේ පිහිටි විශාල ගල් පර්වතය කඩන්න රජය නැවත ණය ලබාගැනීමට යොමුවී ඇතැයි වාර්තා වේ. ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ සභාපති පි‍්‍රයත් වික‍්‍රම මහතා සඳහන් කරන්නේ  මේ සඳහා චීනයෙන් ඩොලර් මිලියන 40ක ඉල්ලා ඇති බවයි.

වරාය පත්ලේ පිහිටි ගල් පර්වතය නිසා විශාල ප‍්‍රමාණයේ නැව්වලට වරායට ඇතුළුවිය නොහැකි අතර මීට වසරකට පමණ පෙර විවෘත කරනු ලැබූ හම්බන්තොට වරායට වාර්ෂිකව නැව් 2,500ක් පමණ පැමිණෙනු ඇතැයි ගණන් බලා තිබිණ.

රජයේ කළමනාකරණ දුර්වලතා පෙන්වා දෙන එක් උදාහරණයක් වශයෙන් මෙම සිද්ධිය එක්සත් ජාතික පක්‍ෂය පෙන්වා දෙයි. වරාය ඉදිකිරීමට ප‍්‍රථමයෙන් මෙම ගල් පර්වතය පිළිබඳව දැන සිටි බව වරාය අධිකාරියේ සභාපතිවරයා රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

RSL

Related Posts