සති අන්ත සිනමාපටය – The Reader (2008)

Spread the love

ජර්මනිය ආශ්‍රිතව ලියවුනු කතාවක් ඇසුරින් මේ සිනමාපටය නිපදවී ඇත. මෙම කතාවේ, නීති හදාරන සිසුවෙක් වන මයිකල් (ඩේවිඩ් ක්රූස්) හා කොන්දොස්තර වෘත්තියේ නියැලෙන ඔහුට වඩා වයසින් වැඩි කාන්තාවක් වන හනා ෂිමිට්ස් (කේට් වින්ස්ලට්)  සමග ඇතිවන ආදර සබදතාවක් ඔස්සේ දිග හැරෙන සුන්දර කතාවකි. 1958 කාලවකවානුවේ සිදුවන දේවල් දැක්වෙන අතර හනා තමන්ගේ නාසිවාදී අතීතයෙන් මිදීමට තැත්කරන කාන්තාවකි. මයිකල් නීති ශිෂ්‍යයෙක් වන අතර ඔහු හා ඇය අතර පවතින ප්‍රේම සබඳතාවද,මතුවන ගැටළුද ඒ සබැඳුනු කරුණුද මනාවට සන්නිවේදනය වන සංවේදී කතා පුවතකි.

මෙම චිත්‍රපටයට ඇකඩමි  සම්මාන කීපයක් දිනාගැනීමට සමත් වූ විශිෂ්ඨ ගණයේ චිත්‍රපටයක් ලෙස ජාත්‍යන්තර අවධානයට ලක්වූවකි.

සැලකිය යුතුයි: මෙම චිත්‍රපටය නරඹන අතරතුර (විනාඩි 72 කට) පසුව නැවතුනහොත්, ඔබ නරඹන චිත්‍රපටය අයත් වින්ඩෝව වසා දමා එය නැවත වරක් විවෘත කරන්න. ඉන්පසු එම චිත්‍රපටයේ කාලමාපකයේ (Time Line) විනාඩි 72 කට පසු ඇති ස්ථානය වෙත ඔබේ මවුසය රැගෙන ගොස් ක්ලික් කරන්න. එවිට එම ස්ථානයේ සිට ඒ මොහොතේම චිත්‍රපටය නැරඹීමේ හැකියාව ඔබට ඇත.

මෙම චිත්‍රපටය නැරඹීම සඳහා මෙතන ඔබන්න

One Reply to “සති අන්ත සිනමාපටය – The Reader (2008)”

  • මාධවී

    මේක ආදරය පිරුණු දුක හිතෙන කථාවක්. හොඳ වෙනසක්, හොඳ ගමනක්. ස්තුතියි රීඩ් ශ්‍රී ලංකා. සුභ අනාගතයකට හෘදයාංගම සුභ පැතුම්!