T-20 තරගයේදීත් ශ්‍රී ලංකාවට පරාජය

Spread the love

දුර්වල ක්‍රීඩා විලාසය,කණ්ඩායම් හැඟීමක් නොමැතිකම යළිත් වරක් පිළිඹිබු කිරිම හේතුවෙන් පාකිස්ථානය සමඟ පැවති පන්දුවාර 20යි 20 තරඟයත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය විය.

අබුඩාබි හි පැවති තරඟයෙන් පාකිස්ථානයට කඩුලු 5ක ජයක් හිමිවිය.
කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඩිල්ෂාන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව උපුල් තරංග සහ ඩිල්ෂාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේය. ශ්‍රී ලංකා ඉණිමේ පළමු කඩුල්ල ලකුණු 30කට සීමා කිරිමට පාකිස්ථාන පන්දු යවන්නන් සමත් විය.
තරංග ලකුණු 12කට දැවී ගියේය. නායක ඩිල්ෂාන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 28කි.  සංගක්කාර ලකුණු 9කට දැවී ගියේය.දුවද්දී දැවී ගි‍ය ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 14ක් ලබා ගත්තේය. මහේල ජයවර්ධන වෙනුවට කණ්ඩායමට කැඳවු චාමර සිල්වා ලබා ගත්තේ ලකුණු 4ක් පමණි. ශ්‍රී ලංකාව පන්දුවාර 17යි පන්දු 4ක් අවසානයේදි කඩුලු 5කට ලකුණු 133ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 5 ලකුණු 8ක් තුළ  දැවී ගියේය. ඒ අනුව ශ්‍රී ලංකාවට පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේදි සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 141ක් පමණි. ශ්‍රී ලංකා ඉණිමේ ක්‍රීඩකයින් 6දෙනෙකුම ලකුණු 10ට අඩුවෙන් දැවීයාම විශේෂත්වයකි. ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ දිනේෂ් චන්දිමාල් ලබාගත් ලකුණු සංඛ්‍යාව 56කි. පන්දු යැවීමේදි අයිසාස් ශීමා පන්දුවාර 4කදී ලකුණු 30කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ඇරඹූ පාකිස්ථානයේ  ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 31කට සීමා කිරිමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. ඒ අනුව හෆීස් ලකුණු 13කට දැවී ගියේය. ඉම්රාන් ෆර්හාට් ලකුණු 19ක් ලබා ගත්තේය. උමාර් අක්මාල් ලකුණු ලබා ගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරිමට ඩිල්ෂාන් සමත් විය. අෂාඩ් ශාෆික් ලබාගත් ලකුණු සංඛ්‍යාව 33කි. පන්දුවාර 14යි පන්දු 5ක් අවසානයේදි පාකිස්ථාන ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 4කට ලකුණු 90ක් ලෙසය. අනතුරුව ක්‍රියාත්මක වූ නායක මිස්බා උල්-හක් සහ ශහිඩ් අෆ්රිඩි පාකිස්ථානය ජයග්‍රාහි ඉලක්කය කරා රැගෙන ගියේය. ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දුර්වල පන්දු රැකීම පාක්ස්ථාන ජයග්‍රහණයේ එක් හේතුවක් විය.

පාකිස්ථාන ඉණිමේ අවසන් පන්දුවාරයේදි ජයග්‍රහණය සඳහා ඔවුන්ට ලකුණු 9ක් අවශ්‍ය වූ අතර දුර්වල පන්දු භාරදීමක් හා නිවරදිව පන්දුව භාර නොගැනීම නිසා අවසන් පන්දුවාරයේ පලවෙනි පන්දුවේදීම ලකුණු 6ක් ලබාගන්නට පකිස්ථානයට හැකිවිය. ඒ අනුව පන්දුවාර 49යි පන්දු 3ක් තුළදී පාකිස්ථානය සිය ජයග්‍රහණයේ ඉලක්කය පසු කිරිමට සමත් විය.‍ තරඟයේ වීරයා සම්මානය පාකිස්ථානයේ අයිසාස් ශීමාට හිමිවිය. මේ තරග සංචාරයේදී පැවති ටෙස්ට්,එක්දින තරගාවලිද ශ්‍රී ලංකාව අතිශයින් අසාර්ථක විය.

 

RSL

Related Posts