මැකෝ ‌බොට ‌කොන්දක් තියේනම් දැන් ‌පෙන්නපං..!

Spread the love

කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ පරිපාලන සේවයේ නිලධාරියෙක් වන සුනිල් කන්නන්ගරයි. ඔහු තම සේවා කාලය පුරාම දූෂිත කටයුතු සඳහා කප් ගහපු අයෙක් බව පරිපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් දන්නා කරුණකි.

2020 ජනාධිපතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ද වශයෙන් නිල වශයෙන් කටයුතු කරන ඔහු මේ දිනවල පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අමු අමුවේම තම සේවය සපයමින් සිටින බව මේ වනවිට හෙළිදරව් වී තිබේ.

මැතිවරණ නීතිය අනුව කිසිදු රජයේ සේවකයෙකුට දේශපාලන කටයුතුවල ප්‍රසිද්ධියේ නියැලීම මැතිවරණ කොමසාරිස්වරයා විසින් තහනම් කර ඇති අවස්ථාවක කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් පමණක් නොව ප්‍රධාන තේරීම් භාර නිලධාරියා ද වන සුනිල් කන්නන්ගර තමන් කැමැති අපේක්ෂකයාට වාසිදායක වන පරිදි හැසිරීම ම ඔහු මැතිවරණය නීතිය උල්ලංගණය කර ඇති බවට හොඳම සාක්කියකි. (‌මෙහි ඒ සාක්කිය දැක්වේ)

සුනිල් කන්නන්ගර යනු ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ පළවන පන්තියේ නිලධාරියෙකි. පසුගිය දින 52 අවිචාර සමයේ දී ඔහු ඝෘජුවම මහින්ද රාජපක්ෂ අල්ලාගෙන සිටියේ තමන්ට විශේෂ ශ්‍රේණියට ඇතුළත්වීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දමා ගැනීමටය. එහෙත් මහින්ද රාජපක්ෂ අධිකරණ තීන්දුව මත හොර අගමැති ධුරයෙන් පන්නා දැමීම නිසා සුනිල් කන්නන්ගරට යන එන මං නැතිවිය. කවදත් හොර වැඩවලට අනුබල දෙන හා හොරුන් ආරක්ෂා කරන ඇමැතිවරයෙක් ලෙස නම් දරා සිටින වජිර අබේවර්ධන සමග එකතු වු සුනිල් කන්නන්ගර වජිර අබේවර්ධන ඇමැතිවරයා පසුපස යමින් කෙසේ හෝ කැබිනට් පත්‍රිකාවක් මගින් විශේෂ ශ්‍රේණියේ උසස්වීම ලබා ගත්තේය.

පසුව නැවත සේවා දිගුවක් ලබා දෙන ලෙස ද ඉල්ලුම් කර සිටියත්, රාජ්‍ය සේවා කොමිසම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා මෙන්ම මෙම නිලධාරියාට සේවා දිගුවක් ලබා දීමට ද විරුද්ධත්වය ද පළ කළේය. එම නිසා සුනිල් කන්නන්ගර පසුගිය මාසයේ විශ්‍රාම ගිය ද මැතිවරණය හේතුවෙන් නැවතත් ඔහුට නැවත සේවා දිගුවක් ලැබිනි.

සැබවින්ම සුනිල් කන්නන්ගර යනු මහින්ද රාජපක්ෂලාගේ වහළෙකි. ඔහු ඊයේ (30) සිය මුහුණු පොතේ පළ කර තිබුනේ සජිත් ප්‍රේමදාස මහතාට අවාසි වන අයුරින් සැකසු පෝස්ටුවකි. “බූරු පුතාණෝ අද කළ ගොං කතාව” යනුවෙන් නම් කර තිබු එම පෝස්ටුව ඔහු විසින් ඔහුගේ මුහුණු පොතට ඇතුළත් කර තිබුනා පමණක් නොව එය බෙදා හැර තිබිනි.

මෙවැනි මැතිවරණ තේරීම් බාර නිලධාරියෙක් ගෙන් සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කිරීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවාට වඩා දෙයක් වන්නේ නැත. මෙවැනි රාජපක්ෂ වහල්ලු විශාල පිරිසක් මේ දිනවල මුහුණු පොතේ සිට සජිත්ට එරෙහිව විවිධ අදහස් දක්වන අයුරු දක්නට ලැබේ. අනෙක් පැත්තෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා එළිපිටම ගෝඨාගේ රැස්වීම්වලට ගොස් ඔහුට සහාය පළ කරයි.

ඒ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දත්මිටි කමින් කියා සිටින්නේ රාජ්‍ය මාධ්‍ය මැතිවරණ නීති උල්ලංඝණය කළහොත් ඔවුන් දඬු කඳේ ගසන බවයි. සෙසු සියලු දෙනා මැතිවරණ නීති කඩන ආකාරය ඔහුට පෙනෙන්නේ නැත. ඔහු තවමත් රාජ්‍ය මාධ්‍යයට දඬුවම් කරයි.

සැබවින්ම දැන් රාජ්‍ය මාධ්‍ය කියා දෙයක් නැත. ස්වාධීන රූපවාහිනිය යනු රාජ්‍ය මාධ්‍ය වන්නේ නමට පමණි. එම ආයතනය රජයෙන් ශත පහක මුදලක් ලබා ගන්නේ නැත. ඔවුන් ආදායම් උපයා ගැනීම මගින් එම ආයතනය පවත්වා ගෙන යනු ලබයි. ඉනෝකා සත්‍යාංගනී මහත්මිය සභාපති වශයෙන් පත්වීමට පෙර ජාතික රූපවාහිනියට ද එම ශක්තිය තිබිනි. නමුත් දැන් වැටුප් ගෙවීම සඳහා පමණක් ජාතික රූපවාහිනිය විසින් මාසිකව රු. මි. 30ක් වැනි ප්‍රමාණයක් රජයෙන් ලබා ගනී. සෙසු වියදම් පියවා ගන්නේ ඔවුන් විසින්මය.

එම නිසා දැන් රාජ්‍ය මාධ්‍ය කියන නමට පමණක් තිබෙන මෙම මාධ්‍ය ආයතන දෙකට තගරිය දැම්මාට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හිරු හා දෙරණට කිසිවක් කියන්නේ නැත. මක්නිසාද යත්, ඒවා ගෝඨාභයට හා මහින්දට කඩේ යන බැවිනි.

කෙසේ වුවද සුනිල් කන්නන්ගර විසින් තම මුහුණු පොතේ පළ කරන ලද එම පෝස්ටුව මෙහි පළ කරන්නේ ඔහුගේ නමින්ම එය ඇතුළත්ව තිබෙන නිසාය.

මැකෝ ට කොන්දක් තිබේ නම් සුනිල් කන්නන්ගර හැකිනම් තේරීම්බාර නිලධාරි තනතුරෙන් ඉවත් කරන ලෙස අපි මැකෝට අභියෝග කර සිටිමු.

-ලංකා ඊ නිව්ස්-

RSL

Related Posts