කොන්දේසි විරහිතව දෙමළ සන්ධානයේ සහය සජිත්ට.. හිට්ලර් ගණයේ මිනීමෝරා පරාජය කළ යුතුබවට සියල්ලන් එකමතයක

Spread the love

මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහය ලබාදෙන බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා ප‍්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් මහතා ඊයේ (03) සවස වවුනියාවේදී පැවැසීය.

දෙමළ ජාතික සන්ධානය මේ තීරණය ගන්නා ලද්දේ දෙමළ ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටින ලද සියලූම ඉල්ලීම් ගැන සලකා බලා නොව සජිත් පේ‍්‍රමදාස මහතා දැනට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප‍්‍රධාන අපේක්‍ෂකයන් අතරින් දෙමළ ජනතාවට කුමන හෝ සහනයක් ඔහුගෙන් ලැබෙනු ඇතැයි යන විශ්වාසය නිසා බවද දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

දෙමළ ජාතික සන්ධානය විසින් මේ තීරණය ගන්නා ලද්දේ ඊයේ (03) වවුනියාවේ පෞද්ගලික හෝටලයකදී පවත්වන ලද සාකච්ඡුාවකින් අනතුරුවය.

මේ සාකච්ඡුාවට දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්‍ෂ තුනක් වන ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්‍ෂය, ටෙලෝ සංවිධානය හා ප්ලොට් සංවිධානය ද විග්නේශ්වරන් මහතාගේ ටී. එම්. කේ. පක්‍ෂය ද සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මහතාගේ ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානය ද සහභාගී වී සිටියහ.

උතුරේ මෙම දෙමළ දේශපාලන පක්‍ෂ උතුරු නැගෙනහිර පළාත් සඳහා ඉටුවිය යුතු ප‍්‍රධාන කරුණු දහතුනක් ඇතුළත් ලිපියක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප‍්‍රධාන පක්‍ෂවල අපේක්‍ෂකයන් වෙත ලබාදී තිබිණි.

ඒ ප‍්‍රධාන අපේක්‍ෂකයන්ගෙන් සෘජු පිළිතුරක් නොලැබුණු අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ප‍්‍රකාශ කළේ සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ඔහුගේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ ගැන අධ්‍යයනය කිරීමකින් පසුව දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය ප‍්‍රකාශයට පත් කරන බවයි.

සජිත් පේ‍්‍රමදාස මහතා සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ඉදිරිපත් කිරීමෙන් පසුව සම්බන්ධන් මහතා දෙමළ මාධ්‍ය වෙත ප‍්‍රකාශ කොට තිබුණේ ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද කාරණා 13 සම්බන්ධයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා අනුකූලතාවයක් සෘජුවම දක්වා නැතත් දැනට ඉදිරිපත් කොට ඇති මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වලින් යම් සාධනීය තත්ත්වයක් පෙන්නුම් කරන්නේ ඔහුගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළින් පමණක් බවයි.

මේ නිසා මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මුල් කරගෙන දෙමළ ජාතික සන්ධානය උතුරේ සෙසු දෙමළ දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා කොට තීරණයකට එළඹෙන බව සම්බන්ධන් මහතා සඳහන් කළේය.

ඒ අනුව වවුනියාවේදී දවසක් පුරා පැවැති සාකච්ඡුාවකින් පසුව දෙමළ ජාතික සන්ධානය මේ තීරණයට එළඹ ඇත.

RSL

Related Posts