මාලිංග ක්‍රීඩා නොකිරීම සතුටක් – ක්ලාක්

Spread the love

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදි ඒ සදහා ලසිත් මාලිංග ක්‍රීඩා නොකිරිම පිළිබඳව සිය කණ්ඩායම සතුටුවන බව ඔස්ට්‍රේලියා නායක මයිකල් ක්ලාක් පවසයි.

ඔහු ඒ බව සදහන් කළේ පසුගිය අවසන් එක්දින තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීය.

“මාලිංග ටෙස්ට් තරගාවලියට මුණ නොගැසීම අපේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සතුටක්. මොකද ඔහු ඒ තරම් හොද පන්දු යවන්නෙකු නිසා. ඔහු ඔප්පු කරලා තියෙනවා ඕනෑම තරගයකට සුදුසුයි කියලා. ඇත්තටම ලසිත් මාලිංග යනු ශ්‍රී ලංකාවේ ප්‍රබල ක්‍රීඩකයෙක්. ඔහු පන්දු යවන්නෙකු ලෙස කාලයක් දක්ෂතා දක්වා තිබෙනවා. ර්වර් ස්වින්ග් පන්දුව ඔහු ඉතාම හොඳින් යොමු කරනවා. එමෙන්ම ඔහුගේ මඳ වේග පන්දු සහ යෝකර් පන්දු වවත් ඉතා හොඳයි. මෙම තරගයේදි ඔහුට එරෙහිව නැගී සිටීම අපිට ඉතාම අපහසු වුණා”

RSL

Related Posts