‘නළදරු උපතකට’ සූදානම් වූ මව කොවිඩ් ආසාදනයෙන් මරුට

Spread the love

මුල්ලේරියාව රෝහලේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් එක්මෝ ප්‍රතිකාර සඳහා යොමු කර සිටි 44 වැනි වියේ පසු වූ කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාව අද (09) දින මිය ගිය බව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රකාශයෙක් සදහන් කළා.

‘‘කොවිඩ් ආසාදිතව අසාධ්‍ය තත්ත්වයේ පසු වූ මේ ගැබිනි කාන්තාව මුල්ලේරියා රෝහලේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් එක්මෝ ප්‍රතිකාර සඳහා යොමු සිටියා. ඇය දින 11ක් පුරා එක්මෝ යන්ත්‍ර යේ උපකාරයෙන් ප්‍රතිකාර ලැබුවා. වෛරසයේ බලපෑමෙන් ඇයගේ මොළය ඉදිමීමේ තත්ත්වයක් දක්නට ලැබුණා. ඒ අතර ඇය සිහිමුර්ජා තත්ත්වයෙන් සිටියදී මීට දින කිහිපයකට පෙර මළ දරු උපතක් සිදු කළා. වෛද්‍ය කාර්ය මණ්ඩලය කොපමණ උත්සාහා කළ ද මවගේ හෝ දරුවාගේ ජීවිත බේරාගැනීමට නොහැකි වුණා. 44 වැනි වියේ පසුවූ මෙම කාන්තාව දරුවකු නොමැතිවීම හේතුවෙන් නල දරු ක්‍රමයෙන් ගැබ් ගෙන තිබෙනවා‘ යැයි රෝහලක් ප්‍රකාශයෙක් සදහන් කළේය.

Related Posts