ගර්භනී මවුවරු රජයේ සේවයට කැඳවීම අත්හිටුවයි – චක්‍රලේඛය හෙට නිකුත් කරයි

Spread the love

රාජ්‍ය ආයතනවල සේවය කරන ගර්භනී මවුවරුන් සේවයට කැඳවීම අත්හිටුවීමට තීරණය කළ බවත් ඊට අදාළ චක්‍රලේඛය හෙට (10) දින නිකුත් කරන බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා කියයි.

පවතින කොවිඩ්-19 වසංගත තත්වය සමඟ ගැබිනි මවුවරුන්ට වැඩි අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇති බැවින් මෙම තීරණය ගත් බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියේ.

මීට අමතරව පවතින කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය සේවා අවම සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යෑමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන්ට අවසර ලබා දීමට ද මෙම චක්‍රලේඛය මගින් කටයුතු කරන බවයි ඔහු වැඩි දුරටක් සඳහන් කළේ.

Related Posts