තමුන්නාන්සේලාට අපි ලස්සන රටක් හදලා දෙනවා – ජෙනරාල් සරත් ෆොන්සේකා

Spread the love

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව මැද භෞත චිකිත්සක ප‍්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන එමින් සිටි අවස්ථාවේදී මාධ්‍ය අමතමින් හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනතාවට ප්‍රකාශ කලේ මැති ඇමතිවරුන්ගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් සිරිසගබෝරජ්ජුරුවන්ට ද තැනක් නොමැති බවයි.

මැති ඇමතිවරුන් විසින් දහඅට වැනි ව්‍යවස්ථාවට අත උස්සා රටේ ගෞරවය ජනතාවගේ ගෞරවය හා ඔවුන්ගේ ආත්ම ගෞරවයද පූජා කර දමා ඇතැයි ද ඔහු පැවසීය.

දූෂිත දේශපාලඥයෝ දේශපාලන පක්ෂවල නම් වලට මුවාවී රට හූරා කන හැටි ජනතාව තේරුම් ගතයුතු බව ද ඔහු අවධාරණය කළේය.

ජෙනරාල් ෆොන්සේකා මහතා මෙසේ ද කීය.

‘‘තමුන්නාන්සේලා වෙනුවෙන් අපි කැප වෙනවා. තමුන්නාන්සේලාට අපි ලස්සන රටක් හදලා දෙනවා”

පසුගිය දින කිහිපයක සිට ෆොන්සේකා මහතා උරහිසේ ආබාධයක් හේතුවෙන් එම රෝහලෙන් භෞතචිකිත්සක ප‍්‍රතිකාරලබා ගනිමින් සිටී.

RSL

Related Posts