ඖෂධ අලෙවිසැල්වලට වායුසමීකරණ යන්ත්‍ර සවි කිරීම අනිවාර්ය කෙරේ

Spread the love

සෞඛ්‍ය අමාත්‍යංශයෙහි තීරණයකට අනුව දිවයින පුරා පිහිටි සියලුම ඖෂධ අලෙවිසැල්වලට වායුසමීකරණ යන්ත්‍ර සවි කිරීම අනිවාර්ය කෙරේ. මේ අනුව ඉදිරියේදී ලියාපදිංචි කෙරෙන සෑම ඔසු සැලකම වායුසමීකරණ යන්ත්‍ර අනිවාර්යයෙන්ම තිබිය යුතුවන් අතර, දැනට දිවයින පුරා ඇති 3000 කට අධික ඔසුසැල්වලට මෙම කාර්යය සිදුකිරීම සඳහා මාස 6 ක කාලයක් ලබාදීමටත් තීරණය කර ඇත.

එසේ නොකරන ඖෂධ අලෙවිසැල්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට ජාතික ඖෂධ අධිකාරිය බලාපොරොත්තුවේ.

සාමාන්‍යයනේ ඖෂධ ගබඩා කළ යුත්තේ සෙල්සියස් අංශක 24 ට අඩු උෂ්ණත්වයකය. එහෙත් එවැනි උෂ්ණත්වයක් පවතින්නේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පමණක් බව සෙඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඇතැම් දිස්ත‍්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 ට ඉහළ අගයක් ගන්නා බවත් මේ නිසා ඖෂධවල ගුණාත්මකභාවය සහ අයු කාලය නිසිපරිදි පවත්වාගෙන යෑම සඳහා මෙම තීරණය ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.


RSL

Related Posts