අපි හිතපු තරම් අපිට ඡන්ද ලැබුණේ නැහැ – ඡන්ද කැඩූ අනුර හැඬු කඳුලින්…

Spread the love

ජාතික ජන බලවේගය ලෙස සිය පක්ෂයට මෙම ජනාධිපති මැතිවරණයේදී ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව පිළිබඳ සතුටුවීමට නොහැකි බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

මීට වඩා ඡන්ද සංඛ්‍යාවක් බලාපොරොත්තු වුවද එය ලබාගැනීමට නොහැකි වූ බව පිළිගත යුතු බව ජාතික ජන බලවේගය කළ නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත් මෙම ජනාධිපතිවරණයේදී රටේත් ජනතාවගේත් අනාගත ජයග්‍රහණය සඳහා සටන් වදින ජාතික ජන බලවේගය නම් වූ පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රගතිශීලී, වාමවාදී හා සැබෑ දේශප්‍රේමී දේශපාලන කඳවුරක් එනම්, පුළුල් මහජන ව්‍යාපාරයක ආරම්භය සනිටුහන් කිරීමට තමන් සමත් වු බවද ජාතික ජන බලවේගය සඳහන් කරයි. 

එමෙන්ම ලංකාවේ දේශපාලනයේ මැතිවරණ වේදිකා තුළ සිදුකෙරෙන එකිනෙකාට මඩ ගැසීම, අසභ්‍ය වචන කීම, සිල්ලර පොරොන්දු තොග ගණනින් දීම වෙනුවට, රට තුළ ගැඹුරු ප්‍රතිපත්තිමය සංවාදයක් ඇති කිරීමට සිය පාර්ශවය කටයුතු කළ බවද ඔවුන් සඳහන් කරයි.

එම සංවාදය තුළට මෙරට බොහෝදෙනා එකතුකර ගැනීමට හැකිවීම තමන් ලද දිගුකාලීන දේශපාලන ජයග්‍රහණයක් බව එම නිවේදනයේ සඳහන් වේ.

අනෙක් අතට ජනාධිපතිවරණ වේදිකාවල සමහර පක්ෂ ජාතිවාදය අවුලුවාලද්දී විවිධ ජාතිකත්වයන් එකිනෙකට බියවද්දා ඡන්ද ගැනීමට උත්සාහ දරද්දි ජාතිවාදයෙන් තොර දේශපාලනයක් හා ජාතික සමගිය සහිත මැතිවරණ වේදිකාවක් තැනීමටද සිය පර්ශවයට හැකිවු බවද ඔවුන් පවසයි.

එයද අනාගතය සඳහා වන සාධනීය කරුණක් ලෙස තමන් සලකල බවද ඔවුන් පෙන්වා දෙයි.

RSL

Related Posts