විමල්ගේ මන්ත්‍රීවරු විමල්ට එරෙහි වෙති; මෛත්‍රී සමඟ පෙරට!

Spread the love

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් ව ස්වාධීනව කටයුතු කිරීමට ජාතික නිදහස් පෙරමු‍ණේ ඇතැම් මන්ත්‍රිවරුන් අකමැත්ත පළකර ඇතැයි වාර්තාවේ.

ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රිවරයකු එක්සත් ජනතා සන්ධානයේ මහලේකම්, ධීවර ඇමැති මහින්ද අමරවීර මහතාට දුරකතනයෙන් කතා කොට පවසා ඇත්තේ තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට සුදානම් නොමැති බවත් ඉදිරියටත් සන්ධානය සමග එක්ව කටයුතු කරන බවත් ය.

මේ නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් විමල් වීරවංස මහතාට සහ එම පක්ෂයේ කණ්ඩායමට ඉවත් වීමට අවශ්‍ය නම් ජාතික නිදහස් පෙරමුණට අයත් මන්ත්‍රීවරුන් කවුරුන්දැයි නම් කරන ලෙස විමල් වීරවංශ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පෙන්වා දෙයි.

මෙසේ සන්ධානයෙන් ඉවත් විමට අවශ්‍ය මන්ත්‍රීන් වේ නම් වෙන වෙනම ඉල්ලා අස්වීමේ ලිපි ලබා දී පාර්ලිමේන්තුවේ ස්වාධීන විය යුතු බවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එජනිස මහ ලේකම්වරයා අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහින්ද අමරවීර මහතා “විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයක් කරමින් කරමින් තමන් ඇතුළු තම පක්ෂයේ කණ්ඩායම ස්වාධ්න වන බව ‍ප්‍රකාශ කළද එක්සත් නිදහස් සන්ධානය සමග ජා.නි.පෙන් තරග කළ අය කවුරුන්දැයි අප දන්නේ නැහැ. ඇතැම් මන්ත්‍රිවරුන් කතා කර කර අපට කියනවා, අපි ස්වාධීන වන්නේ නැහැ. අපි ශ්‍රී.ල.නි.ප ය සමග ඉදිරියටත් ඉන්නවා. විමල් කීවාට අපට සන්ධානයෙන් ඉවත් වන්නට අවශ්‍ය නැහැ කියලා. මේ නිසා විමල් වීරවංශ ඔය කියන කණ්ඩායම කවුරුන්දැයි අප දන්නේ නැහැ.

අනෙක් කරුණ නම් විමල්ගේ ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් පෙරමුණට අයත් පක්ෂයක් නෙවේ.”

RSL

Related Posts