ඇමැති – නි. ඇමැති 11 කට වාහන ගන්න කෝටි 49 ක්!

Spread the love

ඇමැතිවරුන් හත් දෙනකුට, රාජ්‍ය ඇමතිවරුන් තිදෙනකුට සහ නියෝජ්‍ය ඇමැතිවරයකුට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් හතළිස්‌ නව කෝටි හතළිස්‌ නව ලක්‍ෂ හැට දෙදහස්‌ හත්සිය අනූවක මුදලක්‌ (494962790) ඉල්ලා පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ආණ්‌ඩු පක්‍ෂ සංවිධායක, පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (07දා) ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව විශේෂ කාර්යභාර ඇමැතිවරයාට වාහනයක්‌ මිලදී ගැනීම සඳහා රුපියල් 42600000 ක්‌ ද විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයාට වාහනයක්‌ මිලදී ගැනීම සඳහා රුපියල් 42000000 ක්‌ද වාරි මාර්ග හා ජල සම්පත කළමනාකරණ අමාත්‍යවරයාට හා රාජ්‍ය ඇමැතිවරයාට වාහනයක්‌ මිලදී ගැනීම සඳහා රුපියල් 86000000 ක්‌ ද විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ ඇමතිවරයා වෙනුවෙන් වාහනයක්‌ මිලදී ගැනීමට රුපියල් 41000000 ක්‌ද සංචාරක හා ක්‍රිස්‌තියානි කටයුතු ඇමතිවරයාට රුපියල් 43000000 ක මුදලක්‌ද, උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග ඇමතිවරයාට වාහනයක්‌ මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් 43000000 ක මුදලක්‌, තිරසර සංවර්ධන හා වනජීවි ඇමැතිවරයාට රුපියල් 43000000 ක මුදලක්‌ ද ඉල්ලා ඇත.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිවරයාට වාහනයක්‌ මිලදී ගැනීම සඳහා රුපියල් 42548000 ක මුදලක්‌ද, විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ රාජ්‍ය ඇමතිවරයාට වාහනයක්‌ මිලදී ගැනීම සඳහා රුපියල් 43000000 ක මුදලක්‌ද, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමතිවරයාට වාහනයක්‌ මිලදී ගැනීම සඳහා රුපියල් 31341250 ක මුදලක්‌ද ඉල්ලා මෙම පරිපූරක ඇස්‌තමේන්තුව ඉදිරිපත් කර තිබේ. විපක්‍ෂ නායකවරයාට වාහනයක්‌ මිලදී ගැනීම සඳහා රුපියල් 37473540 ක මුදලක්‌ ද මෙම පරිපුරකයෙන් ඉල්ලා ඇත.

ඊට අමතරව විගණකාධිපති දෙපාර්තමේන්තුවට බඩල් කැබ් රථ 25 ක්‌ සහ විගණකාධිපතිවරයා සඳහා වාහනයක්‌ සඳහා බදු කුලී වෙනුවෙන් ප්‍රතිපාදන සැලසීම වෙනුවෙන් ප්‍රතිපාදන සැලසීම සඳහා රුපියල් හය කෝටි විසි දෙලක්‍ෂ පනස්‌ දහසක මුදලක්‌ ඉල්ලා ද පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කර තිබේ.

-දිවයින-

RSL

Related Posts