විමල් නඩුවෙන් කට්ටි පනින්න සැරසෙයි!

Spread the love

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් ළඟ තබාගෙන විදේශගත වීමට තැත් කිරීම මත පැනවූ නඩුව පෙරේදා (23) මීගමුව අධිකරණයේදී කැඳවා ඇති අතර ඊට වීරවංස මහතා නොපැමිණීම හේතුවෙන් නඩුව නැවත මැයි 16 වැනි දිනට කල් තැබීමට මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් කපිල දුෂ්‍යන්ත එපිටවල මහතා කටයුතු කර තිබේ.

ඒ වනවිට යම් හෙයකින් වීරවංශ බන්ධනාගාර ගතවී සිටී නම් එදිනට මීගමුව අධිකරණයට වහාම ඉදිරිපත් කරන්නැයි මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් කපිල දුෂ්‍යන්ත එපිටවල මහතා බන්ධනාගාර නිලධාරීන්ටද නියෝග කර ඇත.

කු.පා.ම මහින්ද පිලේ මන්ත්‍රී විමල් වීරවංශ තමාගේ මුල් විදෙස් ගමන් බලපත්‍රය නැති වූ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කොට අලුත් විදේශ ගමන් බලපත්‍රය සහ පැරැණි විදේශ ගමන් බල පත්‍රයද ළඟ තබාගැනීම පිළිබඳව ඔහුට චෝදනා ඉදිරිපත් වී තිබිණි.

ඉකුත් 2015.10.23 වැනි දින කටුනායක ගුවන්තොටුපොළෙන් අස්ථානගත වූ බවට දැනුම් දී තිබූ එම විදේශ ගමන් බලපත්‍රය උපයෝගී කරගෙන ඔහු ඩුබායි බලා යෑමට අලුයම 3ට පමණ කටුනායක ගුවන්තොටුපොළට ගිය අවස්ථාවේ එම විදෙස් ගමන් බලපත්‍රය පිළිබඳව ආගමන විගමන නිලධාරීන්ට මතු වූ සැකයක් මත වීරවංශගෙන් ප්‍රශ්න කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

RSL

Related Posts