වතු සේවකයින්ට 1700ක වැටුප ගෙවීමට වතු සමාගම්වලට සිදු වෙයිද ? නවතම තීන්දුව මෙන්න !
- Editor
- June 4, 2024
- ආර්ථික සහ ව්‍යාපාරික
- Economic
- 0 Comments
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතා පෙනී සිටි අතර කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සහ පඩි පාලක සභාවේ ලේකම්වරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් රජයේ අධි නීතීඥ විකුම් ද ආබෲ මහතා පෙනී සිටියේය. පඩි පාලක සභාව කැදවූ අවස්ථාවේදී වතු සමාගම් වර්ජනය කළ බවත් ඒ අනුව කම්කරු අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව කම්කරු කොමසාරිස්වරයාට විසින් වැටුප් වැඩි කිරීමට අදාල නීත්‍යානුකූල පියවර ගෙන ඇති බවද රජයේ අධිනීතීඥවරයා අභියාචනාධිකරණය කරුණු දක්වමින් සදහන් කළේය.
වතු සමාගම් විසින් ගොනු කළ ඇති පෙත්සම නෛතික බලයක් ඇති අයෙක් විසින් අත්සන් කර නොමැති බව ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා අභියාචනාධිකරණය හමුවේ කරුණු ගොනු කරමින් සදහන් කළ අතර මෙම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය වතු සමාගම් විසින් ඉල්ලා සිටි වාරණ නියෝගය ලබාදීම ප්‍රතික්ෂේප කළේය.

