ලාෆ්ස් ගෑස් මිලට මොකද වෙන්නේ ?

Spread the love

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි  ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල ගණන් සැලකිය යුතු ලෙස අඩු කරන බව එම සමාගම අද නිවේදනය කළේය. 

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ කිලෝග්‍රෑම් 12.5 ක ලාෆ්ස් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160 කින් අඩු වන අතර නවතම මිල රුපියල් 3,680ක් වන අතර කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරය රුපියල් 65කින් අඩු කෙරෙන අතර නව සිල්ලර මිල රු. 1,477 කි.

අනෙකුත් ප්‍රදේශවල මිල ගණන් ද සංශෝධනය වන බව ලාෆ්ස් සමාගම වැඩි දුරටත් සදහන් කරයි.

Related Posts