පොලිස් මාධ්‍ය ඒකකයට මොකද වුණේ..?
- RSL
- May 23, 2016
- පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka Police
- 0 Comments
නව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පත්වීමත් සමඟම අත්හිටවූ පොලිස් මාධ්‍ය ඒකකය යලි ක්‍රියාත්මක නොවන බවට වාර්තා වේ. ඒ වෙනුවට පොලිස් මහජන කොට්ඨාශය බල ගැන්වෙන බවට නිතිය හා සාමය අමාත්‍යංශයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
කෙසේ නමුත් පොලිස් මාධ්‍ය ඒකකය යනු ශ්‍රී ලංකා පොලිසියට අනුබද්ධව තිබූ නිල ඒකකයක් නොවන අතර යුධ සමයේ ආරක්ෂක තොරතුරු පාලනය කිරීමට මෙම ඒකකය පිහිටුවා තිබේ.
ඒ අනුව පොලිස් මහජන කොට්ඨාශය නව තාක්ෂණික උපක්‍රම සහ ශිල්පිය ක්‍රම උපයෝගී කරගෙන මෙම කොට්ඨාශය දියුණු කිරීමට නියමිතය. එසේම ඉදිරියේ මාධ්‍ය නිවේදන ලිඛිතව පමණක් නිකුත් කිරීමට නියමිත වන අතර විශේෂ අවස්ථාවන්හි පොලිපතිවරයා හෝ ඉහළ නිලධාරීන් විසින් මාධ්‍ය හමු පැවැත්වෙනු ඇත.