අනාගත ජනාධිපති වන්නේ චමල් රාජපක්ෂ නම් සන්තෝසයි – අස්ගිරි මහ නාහිමි සිය ආශිවාර්දය පළකරති

Spread the love

හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා වැන්නකු විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ නම් තමා සතුටට පත්වන බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන් පවසයි.

මහනුවර ප්‍රදේශයේ පැවැති උත්සවයකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

ඓතිහාසික ,දොඩම්වල දියකෙලිනාවල කිත්සිරි මෙවන් රජමහා විහාරස්ථානයේ 21ක් රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය සහ නිරාවරණය කිරිමේ මහා පුණ්‍යොත්සවය ඊයේ (15) පැවැත්වුණි.

ඒ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන නා හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.

මෙම උත්සවයට සහභාගි වී සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සඳහන් කළේ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන බව පැවසෙන චමල් රාජපක්ෂ මහතාට තමා සුබ පතන බවයි.

ඒ පිළිබඳව සිය අදහස් දක්වමින් අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන නා හිමියන් මෙසේ ප්‍රකාශ කලේය.

“මේ මොහොතේදී අහන්න ලැබුණා සුබ ආරංචියක්. අනාගතේ ජනාධිපතිතුමා බවට පත්වෙනවා කියලා අපේ චමල් රාජපක්ෂ මැතිතුමා. ඇත්තටම ඒක අප්‍රසිද්ධ කාරණයක්. ඒක අපි දැනගෙන හිටියේ නැහැ.අපි බොහොම සංතෝෂ වෙනවා.

ඒ වගේම මයන්ත දිසානායක මැතිතුමාටත් මා ආරධනා කරනවා, ඔබතුමත් මේ පැත්තට ඇවිල්ලා මේ රට ගොඩනගමු ,රට ආරක්ෂා කරමු. ගාමිණි දිසානායක මැතිතුමාගේ කාලයෙන් පස්සේ ඉන් මෙහා ඇතිවූ එක්සත් ජාතික පක්ෂයේ පාලකයෝ මේ රටට, ජනතාවට ආදරේ නැහැ කියන එක අපි ප්‍රසිද්ධියේ කියනවා. කිසි බයක් නැහැ නිර්භයව කියනවා අපිට නැතිවෙන්න දෙයකුත් නැහැ.ඊයේ පෙරේදා ආපු, මම නම කියන්නේ නැහැ , දේශපාලනඥයෙකුටත් මම සඳහන් කළා එයා එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්.

එයාට මම කිව්වා එක්සත් ජාතික පක්ෂය ඉවර වෙලා තියෙන්නේ. ආයේ මේකට පණදෙන්න පුළුවන් කමක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ වරදින් තමයි මේ රට නැතිවුණේ කියන එක මම කෙලින්ම කිව්වා. අපි එකතු වෙන්න ඕනේ බෞද්ධයෝ හැටියට. සිංහලයින් හැටියට වෙනදා පුරුදු පරිදි පාට බලලා ඡන්දේ දීලා හරියන්නේ නැහැ. ඉතා සුදුස්සෙක් තෝරාගෙන සුදුසු මන්ත්‍රීවරු තෝරාගෙන පාර්ලිමේන්තුවට යවන්න ඕනේ”

RSL

Related Posts