කුප්‍රකට වසන්ත මොරගොඩ මිලියන ගණනකුත් කොල්ල කා ආයතනයකුත් ගිලලා

Spread the love

කලාකරුවෙකු සහ මාධ්‍යවේදී චරිතයක් ලෙස පෙනී සිටින කුප්‍රකට වසන්ත මොරගොඩ නැමැත්තා මාධ්‍ය ආයතනයක් සහ එහි මුදල් රුපියල් මිලියන තිස්තුනකට වැඩි ප්‍රමාණයක් කොල්ල කා කට්ටි පනිමින් සිටින බවට වාර්තාවේ.

මීට වසර කිහිපයකට පෙර සැටලයිට් තාක්ෂණය ඔස්සේ විකාශන කටයුතු සිදු කරන නාලිකාවක් ලෙස අරඹන ලද “සියපත ටීවි” නාලිකාවේ ප්‍රධාන විධායක තනතුර හොබවා ඇති වසන්ත මොරගොඩ නොහොත් “පොලු වසන්ත” යන අන්වර්ත නාමයෙන් හඳුන්වන පාදඩ පුද්ගලයා විසින් මෙම පාහර ක්‍රියාව එම එම නාලිකාවකටත් එහි ආයෝජකයින්ටත් සිදුකොට ඇත.

බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන භාර පුජ්‍ය කිරම විමලජෝති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අරඹන ලද එම නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස මෙම “පොලු වසන්ත” නොහොත් වසන්ත මොරගොඩ නැමැත්තාව සෙසු අධ්‍යක්ෂකවරුන්ගේ විරෝධය මැද සම්බන්ධ කරගෙන ඇත්තේ කිරම විමලජෝති හිමියන්ගේ දැඩි විශ්වාසය සහ ඉල්ලීම මත බවද සඳහන්. එසේම මෙම නාලිකාවේ කටයුතු කිරීමට පොලු වසන්ත නොහොත් වසන්ත මොරගොඩ රුපියල් මිලියන ගණනක මාසික වේතනයක් තමන් වෙනුවෙන් වෙන්කරගෙන ඇත.

නාලිකාව ආරම්භ කොට මාස කිහිපයක් ගතවෙද්දී විවිධ දෑ ඉල්ලමින් තව තවත් ගසා කෑම අරඹා ඇති පොලු වසන්ත වසරක් යෑමටත් මත්තෙන් ආයතනයේ තිබූ සකලවිධ සම්පත් කාබාසිනියා කොට ඇත. එයින් නොනැවතුණු පොලු වසන්ත තමා ගැන සහතික දී ආයතනයේ ඉහළම පුටුව ලබාදුන් පුජ්‍ය කිරම විමලජෝති හිමියන්ට තම ජන්මාන්විත පාහර පාදඩ කම පසක් කරමින් චෙක්පතක් හරහා මිලියන 5.5 ක අමතක නොවන පොල්ලක් තබමින් පැනගොස් ඇත. පොලු වසන්තගේ අමනකම කෙතරම්ද යත් එම ආයතනයේ තිබූ පරිගණක ඇතුළු භාණ්ඩ වල දෘඩාංග පවා ගලවාගෙන ගොස් ඇත.

මේ වන විට මෙම පොලු වසන්ත නොහොත් කුප්‍රකට වසන්ත මොරගොඩ යළි වත්මන් රජයේ ප්‍රබල දේශපාලන චරිතයකට මුවා වෙමින් සිටින බවට වාර්තාවේ.

Loading...

RSL

Related Posts