ඔහු අකාර්යක්ෂම අයෙක්; ඉවත් කළේ ඇමති දුමින්දගේත් අනුමැතිය ඇතිවයි- ඇමති අලුවිහාරේගෙන් පිළිතුරක්

Spread the love

පසුගියදා අප වෙබ් පුවත්පත මඟින් අනාවරණය කළ හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණායතනයේ අධ්‍යක්ෂකවරයාව බලහත්කාරයෙන් දොට්ට දැමීම සම්බන්ධයෙන් වූ ප්‍රවෘත්තිය පිළිබඳව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ලේකම්වරයෙකු වන ජනක අලුවිහාරේ මහතා අද(24) ‘රීඩ් ශ්‍රී ලංකා’ අමතා සිය ස්ථාවරය හා පිළිතුරු දැක්වීමක් සිදුකළේය.

වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස ඊට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා වෙනුවෙන් ඔහුගේ ලේකම්වරයා වන ජනක අලුවිහාරේ ලබාදුන් පිළිතුර අප මෙලෙස වාර්තා කරන්නෙමු.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා, හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණායතනයේ අධ්‍යක්ෂකවරයාව බලහත්කාරයෙන් ඉවත් නොකළ බවත්, ඔහුව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක අමාත්‍යවරයා සමඟ සාකච්ඡාකොට ඔහුට දැනුම් දී ඉවත් කල බවත් පැවසීය.

2016 සැප්තැම්බර් මස 22 වනදා නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයට යටත්ව කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් රාජ්‍ය අමාත්‍යවරයාට හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණායතනය ඇතුළු ආයතන කිහිපයක් පූර්ණ බලතල සහිතව පවරා දී ඇති බවත් එකී බලතල වලට යටත්ව මෙම ඉවත්කිරීම සිදුකළ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එසේම මෙම හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණායතනයේ අධ්‍යක්ෂකවරයා පත්වූ දා සිට මේ දක්වා කිසිඳු නව පර්යේෂණයක් සිදුකර නොමැති බවත් ඔහු අකාර්යක්ෂම නිලධාරියෙකු බැවින් මෙසේ අදාළ තනතුරින් නෙරපා දැමූ බවත් අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ලේකම්වරයා ‘රීඩ් ශ්‍රී ලංකා’ වෙත කරුණු දක්වමින් පවසා සිටියේය.

ආශ්‍රිත පුවත්: Exclusive: වසන්ත අළුවිහාරේ නැති බලයක් අතට ගෙන පිස්සු නටයි

RSL

Related Posts