වෙළදපොලේ ප්ලේන්ටි, කිරි තේ, කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, ගෑස් මිල ඉහළ යද්දි පාසල් වෑන් ගාස්තුත් ඉහළට..!

Spread the love

හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි ප්ලේන්ටි, කිරි තේ ඇතුළු කෙටි ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 5 කින්, කිරිතේ මිල රුපියල් 10 කින්, කෙටි ආහාර රුපියල් 10 කින් මිල වැඩි කර තිබෙනවා.

එසේම ෆ්‍රයිඩ් රයිස් හා කොත්තු මිල රුපියල් 25 කින් ඉහළ දමා ඇති බවයි සමස්ත ලංකා ආපන ශාලා හා අවහන්හල් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

ලිත්‍රො ගෑස් සමාගමෙන් බෙදාහරින ගෑස් මිල 01දා සිට ඉහළ දමා ඇත.

කිලෝ දොළහමාරකින් යුත් ගෑස් සිලින්ඩරයක එක මිල ඒ අනුව රුපියල් 685 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4250කි.

කිලෝග්‍රෑම් පහේ සිලින්ඩරයක් රුපියල් 1707ක් දක්යා ඉහළ දමා ඇත්තේ රුපියල් 276කිනි.

කිලෝග්‍රෑම් 2.3නේ ගෑස් සිටින්ඩරයක් රුපියල් 157 කින් රුපියල් 795ක් දක්වා මිල ඉහළ දමා ඇත.

නව වැට්බදු සංශෝධනය අනුව මෙම මිල ඉහළ දැමීම සිදුකර තිබේ.

පෙබරවාරි මාසයේ සිට පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන  බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කරයි.

පාසල් ආරම්භයේ දී එම ප්‍රතිශතය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් එම සංගමයේ සභාපති ලලිත් ප්‍රනාන්දු මහතා පැවසීය.

වැට් බදු සහ ඉන්ධන මිළ ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගන්නා බවත් ඔහු තවදුරටත් කීවේය.

Related Posts