බැඳුම්කර කොල්ලයට හිටපු ඇමති රවී වගකිව යුතු බව එජාපය පිළිගත් බවට සාක්ෂියක්!
- RSL
- January 31, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- Ravi Karananayake, UNP
- 0 Comments
“බැඳුම්කර ජනාධිපති කොමිසම” මඟින් මහ බැංකු බැඳුම්කර කොල්ලයට සෘජු හෝ වක්‍ර ලෙස වගකිව යුතු අයෙකු ලෙසට අනාවරණය වී ඇති එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් වන නිර්දේශය තවත් තහවුරු කරමින් එක්සත් ජාතික පක්ෂය විසින්ම අද (31) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා වන කබීර් හෂීම් මහතාගේ නමින් නිකුත් කොට ඇති එම නිවේදනයට අනුව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ තිලක් මාරපනගෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශ මත රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායක කමින් නෙරපා හැරීමටත්, ඉදිරියේදී සිදුකරනු ලබන අධිකරණ ක්‍රියාමාර්ග සඳහා සහය වීමටත් මොවුන් එකඟ වී ඇත.
මෙම නිවේදනයට අනුව පැහැදිලි වන්නේ එක්සත් ජාතික පක්ෂය විසින්ම වක්‍රාකාරයෙන් එජාප උප නායක රවී කරුණානායක මහතා මෙම බැඳුම්කර කොල්ලයට ලබා දී ඇති ආධාරය හා අනුබලය පිළිගන්නා බව නොවේද..?
එම නිවේදනය පහතින්.


