ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අද ටෙස්‌ට්‌ සටන අරඹයි

Spread the love

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත් ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලියේ පළමු තරගය අද (31 දා) චිතගොං හිදී ආරම්භ වේ. මෙය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ. ව. 9.00 ට පමණ ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර 2017 වසරේ පැවැති ටෙස්‌ට්‌ තරගාවලිය 1-1 ක්‌ ලෙස සමකර ගැනීමට බංග්ලාදේශය සමත් වූ අතර එය බංග්ලාදේශය ශ්‍රී ලංකාවට එරෙහිව ලද පළමු ටෙස්‌ට්‌ ජයග්‍රහණය ලෙස ද සටහන් වේ. කෙසේ වෙතත් තුන්කොන් එක්‌දින තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාව දිනා ගැනීමෙන් පසුව ටෙස්‌ට්‌ තරගාවලිය ජය ගැනීමට කදිම උත්තේජනයක්‌ මේ වනවිට ලැබී තිබීම බංග්ලාදේශයට අතිරේක පීඩනයක්‌ ගෙන දෙන්නක්‌ වී තිබේ.

නව පුහුණුකරු චන්දික හතුරුසිංහ කෙරෙහි කණ්‌ඩායමේ සියලුම ක්‍රීඩකයන් ඉතාමත් විශ්වාසයෙන් කටයුතු කරන බව ටෙස්‌ට්‌ නායක දිනේෂ් චන්දිමාල් පවසයි. ඒ අනුව ඔහුගේ විශිෂ්ට සැලසුම් සමඟ හතුරුසිංහ හොඳින් හඳුනන බංග්ලාදේශ පිල අමාරුවේ දැමීමේ වැඩි අවස්‌ථාවක්‌ ශ්‍රී ලංකාව සතුව පවතී.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මෙතෙක්‌ පැවැති ටෙස්‌ට්‌ තරග 18 කදී ශ්‍රී ලංකාව ජයග්‍රහණ 15 ක්‌ ලබා ඇති අතර එක්‌ තරගයක්‌ පරාජය වී තිබේ. තරග දෙකක්‌ විසඳුමකින් තොරව නිමා විය. කෙසේ වෙතත් මේ වනවිට ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ ශ්‍රේණියේ ප්‍රසාද ලකුණු 94 ක්‌ ලබා හය වැනි ස්‌ථානයේ පසුවන අතර බංග්ලාදේශය ප්‍රසාද ලකුණු 72 ක්‌ ලබා නව වැනි තැන පසුවේ.

දිනේෂ් චන්දිමාල් ටෙස්‌ට්‌ පිතිකරුවන් අතර නව වැනි තැනට පත්ව ඇති අතර බංග්ලාදේශ කිසිදු පිතිකරුවකු පළමු පිතිකරුවන් දහ දෙනා අතරට ඇතුළත්ව නැත. හොඳම ටෙස්‌ට්‌ පන්දු යවන්නන් අතර රංගන හේරත් හය වැනි තැන පසුවන අතර කිසිදු බංග්ලාදේශ පන්දු යවන්නකු එම දහ දෙනා අතරට ඇතුළත්ව නැත. කෙසේ වෙතත් ලොව හොඳම ටෙස්‌ට්‌ තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පළමු තැන සිටින බංග්ලාදේශ පිලේ ෂකීබ් අල් හසන්ට අවසන් එක්‌දින තරගයේ සිදුවූ ආබාධය හේතුවෙන් මෙම තරගය අහිමිව තිබීම ද බංග්ලාදේශයට තවත් පීඩනයක්‌ ගෙන දී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පිලට අභියෝගයක්‌ එල්ල කිරීමේ අරමුණ ඇතිව බංග්ලාදේශය වසර කිහිපයකට පසුව අබ්දුර් රසාක්‌ව කණ්‌ඩායමට එක්‌කර තිබේ. ෂකීබ්ගේ ආබාධය හේතුවෙන් අබ්දුල්ව කණ්‌ඩායමට එක්‌ කිරීමට බංග්ලාදේශ තේරීම් කමිටුව තීරණය කර තිබේ. අබ්දුල් ටෙස්‌ට්‌ කඩුලු 200 ක්‌ දවාගත් පන්දු යවන්නෙකි. මීට අමතරව පළමු පෙළ කඩුලු 500 කට ඔහු හිමිකම් කියයි.

ශ්‍රී ලංකා සංචිතය

දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්‌මාල්, දුෂ්මන්ත චමීර, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, නිරෝෂන් දික්‌වැල්ල, ළහිරු ගමගේ, ධනුෂ්ක ගුණතිලක, රංගන හේරත්, දිමුත් කරුණාරත්න, ළහිරු කුමාර, කුසල් මෙන්ඩිස්‌, ලක්‌ෂාන් සඳකැන්, රෝශේන් සිල්වා, දිල්රුවන් පෙරේරා

බංගලාදේශ සංචිතය

මහමදුල්ලා රියාඩ්, ඉම්රුල් කයිස්‌, කම්රුල් ඉස්‌ලාම්, ලිටන් ඩස්‌, මෙහෙදි හසන්, මොමිනුල් හක්‌, මොසදෙක්‌ හුසේන්, මුෂ්කර් රහීම්, මුස්‌ටසර් රෙහමාන්, නයීම් හසන්, රුබෙල් හුසේන්, ටයිජුල් ඉස්‌ලාම්, ටමීම් ඉක්‌බාල්, සන්සමුල් ඉස්‌ලාම්, ටන්බීර් හයිඩර්, අබ්දුර් රසාක්‌

RSL

Related Posts