එජාප යාවජීව නායක රනිල් අගමැති කරන ලෙස ඉල්ලා ජනබල මෙහෙයුමක් සූදානම්!

Spread the love

පාර්ලිමේන්තුවේ බහුතර සහය ලබන බව එක්සත් ජාතික පක්ෂය කියන එම පක්ෂයේ යාවජීව නායක රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය දෙන ලෙස බල කරමින් දින තුනක් පුරා ජන බල මෙහෙයුම දියත් කිරීමට එක්සත් ජාතික පෙරමුණ සුදානම් වේ. ගමින් ගම නගරයෙන් නගරය පසු කරමින් ලක්ෂ දෙකක පමණ ජනතාවක් සමග ජනබල මෙහෙයුම කොළඹට ඇතුළුවීමට සැලසුම් කර තිබේ.

කොළඹට ඇතුලූවන ජනබල මෙහෙයුමේ ගමනාන්තය පමණක් අවසන් මොහොත වනතෙක්ම හෙළි නොකීරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇත. එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය දෙන ලෙසට බල කරමින් කොළඹට එන ජන බල මෙහෙයුමේ සංවිධාන කටයුතු සඳහා එක්සත් ජාතික පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් මේ සති අන්තයේ තම මැතිවරණ බල ප්‍රදේශවල සංවිධාන කටයුතුවල නිරත වන ලෙස දැනුම් දී ඇත.

ඒ අනුව දෙසැම්බර් 08 සහ 09 යන දින දෙක ජන බල මෙහෙයුම සඳහා ජනතාව පෙළ ගැස්වීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමේදී තීරණය විය. ජන බල මෙහෙයුමේ අවසන් දිනයේදී ලක්ෂ දෙකක ජනකායක් සමඟ කොළඹට ඇතුළුවන බවත් ජන බල මෙහෙයුමේ ගමනාන්තය එදින පස්වරු 2.00ට මෙහෙයුමට සහභාගී වන ජනතාවට දැනුම්දීමත් තීරණය කර තිබේ.

RSL

Related Posts