රනිල් සමඟ අපිට පක්ෂෙත් නෑ, ආණ්ඩුත් නෑ, අනාගතයකුත් නෑ; 113 ඉක්මවා එජාපයේ පදාසයක් ගැලවෙයි (Exclusive)

Spread the love

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා සිටිනා තුරා එජාපයට යළි ආණ්ඩු බලයක් නොලැබෙන බවත්, පක්ෂයට සහ සමාජිකයින්ට කිසිදා අනාගතයක් නොමැති බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුමුඛ නව සන්ධානයකින් ගොඩනැඟෙන ආණ්ඩුව සඳහා සහය පළකිරීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් රාශියක් සාකච්ඡා පවත්වමින් සිටින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

මේ වන විට අප වෙත ලැබෙන තොරතුරු අනුව රනිල් වික්‍රමසිංහව අගමැතිධුරයෙන් ඉවත් කොට නව ආණ්ඩුවක් සඳහා සහය පළකිරීමට එක්ව ඇති මන්ත්‍රීවරු සංඛ්‍යාව 113 ඉක්මවා ක්‍රමිකව ඉහළයමින් පවතින බවට වාර්තාවේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි එය සඳුදා වන විට එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාවෙන් හරි අඩක් ඉක්මවා ගැලවී යන මට්ටම දක්වා වර්ධනය වෙමින් පවතී.

ඊයේ (16) අගමැතිවරයා විසින් මාධ්‍ය කැඳවා තමා අගමැතිධුරයෙන් ඉල්ලා අස් නොවන බවත්, හැකිනම් අස්කර පෙන්වන ලෙසටත් වක්‍රාකාරයෙන් ජනාධිපතිවරයාට කරන ලද අභියෝගයත් සමඟ ඊට පිළිතුරු සපයමින් නීති විශාරදයෝ අගමැතිවරයා නෙරපා දමන හැටි නීත්‍යානුකූලව පෙන්වා දීමත් සමඟ එජාපයේ රනිල් සමඟ සිටි මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් මෙලෙස නව ආණ්ඩුවට සහය පලකිරීමට එක්වෙමින් සිටී.

රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ රැදී සිටින යම්තාක් කාලයක් වේද ඒ තාක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි වීම සිහිනයක්ම පමණක් බව එජාප මන්ත්‍රීවරුන්ගේ මතය බවට වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුමුඛ සන්ධාන නව ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ කටයුතු මේ වන විට දිනේෂ් ගුණවර්ධන සහ සුසිල් ප්‍රේම්ජයන්ත් යන මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් සිදුවෙමින් පවතී.

ආශ්‍රිත පුවත්: රනිල් මාධ්‍ය කැඳවා ජනපතිට අභියෝග කරයි!

බෑයි කියලා.. බෑයි කියලා.. බෑ.. රනිල් අගමැතිකමින් ගෙදර යවන හැටි නීති විශාරදයෝ පෝලිමේ ඇවිත් කියාදෙති (Videos)

අලුත් ආණ්ඩුවට සුසිල් – දිනේෂ් ලහි ලහියේ සැලසුම් සකසයි

RSL

Related Posts