රනිල් ඉවත් කිරීම හැර වෙන වෙනත් කිසිඳුම විකල්පයකට එකඟ නොවන බව ජනපති දන්වයි (Exclusive)

Spread the love

මේ වන විට අගමැතිධුරය බලෙන් අල්ලාගෙන සිටින රනිල් වික්‍රමසිංහ ඉන් ගෞරවාන්විතව ඉවත් නොවුන හොත් ඔහු ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සැකසෙමින් පවතින බවට අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

අද (18) උදෑසන එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙකු මෙන්ම පාර්ලිමේන්තුවේ කථානායකතුමා වන කරු ජයසුරිය මහතාට ජනාධිපතිතුමා දුරකථනයෙන් ඔස්සේ පවතින දේශපාලන අර්බුදය නිමාකර ගැනීම අදාළ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇති අතර, රනිල් වික්‍රමසිංහ අගමැතිධුරයෙන් අස්නොවී මෙම ආණ්ඩුව කිසිඳු ලෙසකින්වත් ඉදිරියට ගෙන යෑමට තමා කිසිසේත්ම එකඟ නොමැති බව දැඩිව අවධාරණය කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග වාර්තා කර සිටී.

මේ අනුව ගෙවීයන ඉදිරි පැය කිහිපය තුළ රනිල් වික්‍රමසිංහගේත්, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේත් ඉරණම තීන්දු කරනු ඇත.

රනිල් වික්‍රමසිංහ ගෞරවාන්විත ඉවත් වී කරු ජයසුරියට පක්ෂය භාර දී එක්සත් ජාතික පක්ෂයත්, එජාප ආණ්ඩුවත් ආරක්ෂා දෙන මෙන් එජාප මන්ත්‍රීවරුන්, පාක්ෂිකයින් සහ සිවිල් සංවිධාන කරුට බලපෑම් කරමින් සිටින බවටද වාර්තාවේ.

මොනම තත්වයේ වුවත් ජනාධිපතිවරයාගේ අවසානම තීරණය රනිල් අගමැතිකමින් ඉවත්විය යුතුමය යන්න වන අතර ඉන් මෙහා කිසිඳුම වෙනස්කමකට ජනාධිපතිවරයා එකඟ නොවන බව සඳහන්.

මේ වන විට දිනේෂ්- සුසිල් කමිටුව ශ්‍රීලනිපය පුමුඛ නව සන්ධාන රජයක් බිහි කිරීමේ සැලැසුම් සකස් කිරීමේ අවසන් අදියරේ පසුවෙති. ඔවුන් දේශපාලන සහ ආර්ථික අංශ කෙරෙහි වැඩි අවදානයක් යොමු කරන බවත් සඳහන්.

එසේම මේ වනවිට කුජීත වී ඇති ඇතැම් මාධ්‍ය කොන්ත්‍රාත්කරුවන් අවසානයේ කරකියා ගැනීමට දෙයක් නොමැතිව ඉබාගාතේ බොරු පුවත් මවමින් සිටී.

ආශ්‍රිත පුවත්: රනිල් සමඟ අපිට පක්ෂෙත් නෑ, ආණ්ඩුත් නෑ, අනාගතයකුත් නෑ; 113 ඉක්මවා එජාපයේ පදාසයක් ගැලවෙයි (Exclusive)

ආශ්‍රිත පුවත්: රනිල් මාධ්‍ය කැඳවා ජනපතිට අභියෝග කරයි!

බෑයි කියලා.. බෑයි කියලා.. බෑ.. රනිල් අගමැතිකමින් ගෙදර යවන හැටි නීති විශාරදයෝ පෝලිමේ ඇවිත් කියාදෙති (Videos)

අලුත් ආණ්ඩුවට සුසිල් – දිනේෂ් ලහි ලහියේ සැලසුම් සකසයි

RSL

Related Posts