තනතුරු ගන්න ගිය එජාප ලොක්කන්ට රනිල් පල නොකියා පලා බෙදලා

Spread the love

එක්සත් ජාතික පක්‍ෂයේ නව තනතුරු අපේක්‍ෂාවෙන් ඊයේ (05) පැවැති කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමට උෙද්‍යාඅගයෙන් සහභාගි වූ එක්‌සත් ජාතික පක්‍ෂ මැති ඇමැතිවරුන්ට හිස්‌ අතින්ම ආපසු යන්නට සිදුව ඇත.

ඒ පක්‍ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාසික කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ නව තනතුරු වෙනසක්‌ නොකෙරුණු බැවිනි. එහෙත් එම තනතුරු වෙනස ලබන මැයි මාසයේදී සිදු කෙරෙනු ඇතැයි පැවසේ.

ඊයේ පැවැති එම රැස්‌වීමේදී තනතුරු වෙනසක්‌ සම්බන්ධව රනිල් වික්‍රමසිංහ මහතා කිසිදුÊඅදහසක්‌ ප්‍රකාශයට පත් කර නොමැති අතර, ඊයේ දින න්‍යාය පත්‍රයේ ද ඒ සම්බන්ධව කිසිදු සඳහනක්‌ නොවූ බව එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාමාජිකයෙක්‌ කීය.

ඊයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමට ප්‍රථමයෙන් එජාප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පිරිසක්‌ අගමැති වික්‍රමසිංහ මහතා සමඟ ඔහුගේ නිල කාමරයේ විශේෂ සාකච්ඡාවක්‌ ද පවත්වා ඇත.

ඉන් අනතුරුව එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩලය රැස්‌වී තිබේ. පක්‍ෂයේ තනතුරු වෙනසක්‌ ඊයේ දින සිදු නොවන බවට තේරුම්ගත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා වේලාසනින්ම සිරිකොත මන්දිරයෙන් පිටව යනු දක්‌නට ලැබුණු බව ඉහත කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාමාජිකයා පැවැසීය.

කෙසේ වෙතත් පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්‌වීමේදී ඉදිරි මැතිවරණය, මැයි දිනය, පක්‍ෂ සංවිධාන කටයුතු ආදිය ගැන සාකච්ඡා වූ බව ද හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව ඕනෑම මොහොතක මැතිවරණයකට මුහුණ දීමට පක්‍ෂය සූදානම්ව සිටිය යුතු යෑයි අගමැතිවරයා ඊයේ එහිදී පවසා ඇත.

ඊට අමතරව ආසන සංවිධායක ධුර ලබා දීමේදී ඔවුනගේ කාර්යක්‍ෂමතාව ගැන සිතා එම තනතුර දිය යුතු බවත් ඇතැම් ආසන සංවිධායකයන් සිය මැතිවරණ ආසනය පැත්ත පළාතේ ගොසින් නැති බවත් හෙතෙම පවසා තිබේ.

පක්‍ෂ අභ්‍යන්තර සාකච්ඡාවක්‌ පැවැත්වෙද්දී අම්බලන්ගොඩ ආසන සංවිධායක බෙනට්‌ පනියන්දූවගේ මහතා ජනමාධ්‍ය ගෙන්වාගැනීම සම්බන්ධව අභ්‍යන්තර පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ද තීරණය වී ඇති අතර ඔහුගේ එම ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක්‌ වී තිබේ. බොහෝ විට ඔහුට බළපිටිය ආසන සංවිධායක ධුරය අහිමි වනු ඇතැයි ද ඉහත කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාමාජිකයා කීය.

මේ අතර කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීම් සඳහා නොපැමිණෙන සාමාජිකයන් ගැන ද අවධානය යොමුව ඇති අතර එක දිගට නොදන්වා රැස්‌වීම් වාර තුනකට සහභාගි නොවුනහොත් එම තනතුර සිය කැමැත්තෙන්ම අත්හැර ගියා ලෙස සැලකීමට ද තීරණය වී තිබේ.

RSL

Related Posts