රාජ්‍ය ආරක්ෂාව හා භූමියේ ආරක්ෂාව ගැන මහා සංඝරත්නයේ විශේෂ අවධානයක්!

Spread the love

රාජ්‍ය ආරක්ෂාව හා භූමියේ ආරක්ෂාව පිළිබද පවතින ගැටළු සම්බන්ධයෙන් මල්වතු හා අස්ගිරි පාර්ශවයේ හිමිවරුන්ගේ අදහස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කර ඇති බව අස්ගිරි මහා විහාරපාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද හිමි පවසයි.

අද(05) මහනුවර ජනාධිපති මන්දිරයේ දී මල්වතු අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන හිමිවරු රුස්ව කළ සාකච්ඡාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද හිමි මේ බව පවසා සිටියේය.

තවද සම්බුද්ධ ශාසනය, විහාරස්ථාන, පුරා විද්‍යාව, මාතෘ භූමියේ පැවැත්ම රාජ්‍ය පාලනය ඇතුළත් කරුණු රැසක් පිළිබද සාකච්ඡා කළ බව උන්වහන්සේ වැඩිදුරටත් පවසයි.

එමෙන්ම,

1. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හෝ පවතින ව්‍යවස්ථාවට සංශෝධන ගෙන එන්නේනම් හෝ ඒවායෙහි සිද් කිරීමට අවශ්‍ය ව්‍යුහමය වෙනස පිළිබද කරුණු දැන ගැනීම.

2. උතුරු නැගෙනහිරට දේශපාලන විසඳුමක් සෙවීමේ දී ජනපති බලතල තවදුරටත් ආරක්ෂාවන පරිදි හා මධ්‍යම රජයට බැදීමක් ඇති විසඳුමක් විය යුතුය.

3. 2002 සිට සරණගාතයින් වශයෙන් මෙරටට පැමිණි හා දැනටමත් පැමිණෙන පුද්ගලයින් නියාමනයට ක්‍රමවත් වැඩපිළිවෙළක් කිරීමට යෝජනා කෙරේ.

4. දැනට සංහිඳියා මණ්ඩලයකින් ගෙන යන සංහිඳියා පිළිවෙතේ අරමුණ පිළිබද කරුණු දැන ගැනීම

5. ශ්‍රී දළදා මාළිගය පාර්ශවයේ ඇති සියලුම ගොඩනැඟිලි දළදා මාළිගාව වෙත නිල වශයෙන් පැවරීමට අවශ්‍ය කටයුතු යෙදීම.

6. මහනුවර ශ්‍රී දළදා මාළිගාව අසලින් යන මහා මාර්ගය විවෘත නොකළ යුතු අතර එයට විකල්ප වශයෙන් දැනට යෝජිත උමං මාර්ගය සහ ලුවී පීරිස් මාවත ,රජපිහිල් මාවත පුළුල් කිරීම සුදුසු බව යෝජනා කිරීම

7.පෙර පැවැති මහනුවර බෝගම්බර සිර ගෙදර උඩරට සංස්කෘතිගාංග ඇතුළත් කෞතුකාගාරයක් වශයෙන් ගොඩනැඟීම පිළිබද කරුණු දැන ගැනීම.

8.රටට අහිතකර ආකාරයෙන් ක්‍රියා කරන රාජ්‍ය නොවන ආයතනය නියාමනයට විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීම පිළිබද දැනගැනීම.

ඇතුළු කරුණු 21ක් ඇතුළත් වාර්තාවක් ද ජනාධිපතිවෙත යොමු කර තිබේ.

RSL

Related Posts