උඩුවේ හිමිට නඩු!
- RSL
- February 21, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka Law
- 0 Comments
වන අලි පැටියෙක් නීතිවිරෝධීව ළඟ තබා ගැනීම ගැන කිරුළපන ඇලන්මැතිණියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන්ට චෝදනා එල්ල වූ අතර, ඒ පිළිබඳ ව උන්වහන්සේගෙන් ප්‍රශ්න කරන්නට එන බව ආරංචි වීමෙන් පපුවේ අමාරුව හදාගත් සේක. ඉන් පසුව ළහි ළහියේ මාධ්‍ය හමුවක් පැවැත්වූ උන්නාන්සේ තම මධුර කටහඬන් කියා සිටියේ කවුදෝ කෙනෙක් බලු පැටවුන් මෙන් අලි පැටියා තමන්ගේ පන්සලේ දමා ගොස් තිබූ නිසා කවා-පොවා හදා-වඩා ගත් බව යි. ඒ පුණ්‍ය ක්‍රියාවටත් නඩු වැටෙන්නට යන බැවින් නඩු කියන්නට රුපියල් දහය බැගින් ආධාර කරන්නැයි ද ජනතාවගෙන් ඉල්ලා සිටි සේක. කෙසේ වෙතත් එසේ ඉල්ලූ වහන්දෑ තමන් සාධාරණීය කරගෙන ලක්ෂ 6ක දැන්වීමක් පුවත්පතක දමාගෙන තිබෙනු ද දක්නට ලැබුණි.
අලුත් ම වාර්තා අනුව මෙම අලි පැටියා අලි ජාවාරම්කාර අලි රොෂාන්ගෙන් මිලට ගත් බව අලි පැටියා බලාගත් ඇත්ගොව්වා ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත. නීතිපතිවරයා ද මේ අනුව උඩුවේ හිමි අත්අඩංගුවට ගැනීමට නිර්දේශ කර ඇතත් තවමත් එම අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වන්නේ ඇයි දැ යි සාධාරණ හේතුවක් පෙනෙන්නට නැත.
