කුප්‍රකට ගම්මන්පිල ලෝක හොරෙක්.. මහින්ද නීතිය නවලා දීලා.. (සාක්ෂි සහිත විඩීයෝ)

Spread the love

උදය ගම්මන්පිල මහතා දේශපාලනයට පිවිස තිබෙන්නේ බ්‍රයන් ෂෙඩික් මහතාගේ ව්‍යාපාර කූට ලෙස විකුණා ලබාගත් මුදල් උපයෝගී කරගෙන බවත්, උදය ගම්මන්පිල දේශපාලනයට පිවිසීමට පෙර තම මෙරට සමාගමේ සාමාන්‍ය කාර්යාල සහයකයෙක් ලෙස රැකියාව කල බව ජැනට් එලිසබෙත් ෂෙඩික් මහත්මිය පවසයි.

ජැනට් එලිසබෙත් ෂෙඩික් යනු මෙරට විදේශ ආයෝජකයෙකු වන ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂෙඩික් මහතාගේ බිරිඳයි. ඔහුට අයත්ව තිබූ පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන 4.1 ක් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් යොදාගනිමින් වංචනික ලෙස විකිණීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා වෙත චෝදනා එල්ල වී තිබේ. ඒ සම්බන්ධයෙන් වන නඩු කිහිපයක්ද මේ වන විට අධිකරණයේ විභාග වෙමින් තිබේ.

2015 ට පෙර තමන්ට සිදුවූ අසාධාරණයට නීතියේ පිළිසරණක් එවක පැවති දේශපාලන වාතාවරණය තුළ කිසිසේත්ම බලාපොරොත්තු තැබිය නොහැකි තත්ත්වයක් හා තමන්ට එල්ල වූ බලපෑම හමුවේ නිශ්ශබ්දව සිටී බව පැවසූ ජැනට් මහත්මිය 2015 සිදුවූ දේශපාලන වෙනසත් සමඟ තමන්ට සාධාරණයක් ඉෂ්ට කරගැනීමට මෙරටට පැමිණ නීතියේ පිළිසරණ පැතූ බවද සඳහන් කර සිටියේය.

එලිසබෙත් මහත්මිය මේ බව සඳහන් කර සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් තම ස්වාමියාගේ සමාගමට සිදු කරන ලද වංචා දූෂණ පිළිබඳවත්, ඒ හේතුවෙන් තම ස්වාමියා ඇතුළු තමන් අද පත්ව සිටින තත්ත්වයත් පිළිබඳව දැනුවත් කරමින් පසුගියදා (26) කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටි සිංහ සමාජ ශාලාවේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

-ලංකා ලීක්ස්-

RSL

Related Posts