අනතුරේ වගකීම දුම්රිය දෙපාර්තමේන්තුවේ! නුදුරේ තවත් අනතුරු??

Spread the love

train

අද උදෑසන 7.45ට පමණ කොළඹ බලා ධාවනය වූ දුම්රියක් කැළණිය වනවාසල ප්‍රදේශයේ දී අනතුරට ලක් විය. ඒ ලොරි රථයක් එහි ගැටීමෙනි. අනතුරෙන් එක් අයෙක් මිය ගියේ ය. කිහිපදෙනෙක් තුවාල ලැබූහ. මේ අනතුරේ සම්පූර්ණ වගකීම දුම්රිය දෙපාර්තමේන්තුව බාරගත යුතු බව අප වගකීමෙන් කියමු.

අප මෙයට දින කිහිපයකට පෙර පුවතක් පළ කරමින් කියා සිටියේ දුම්රිය කාලසටහන් හිතු මනාපයේ වෙනස් කිරීම නිසා දුම්රිය මගීන් පත්ව ඇති අපහසුතාව පිළිබඳව යි. කිසිදු විද්‍යාත්මක පදනමකින් හෝ තර්කානුකූල සොයා බැලීමකින් තොර ව වෙනස් කර ඇති කාලසටහන නිසා උදෑසන දුම්රිය ගමන්ගන්නේ පොල් පටවාගත්තාක් මෙනි. කාර්යාල වේලාවන්හි දුම්රිය මේ කාල සටහන අනුව අඩු කර ඇති බවක් පෙනේ. අද සිදුවුණු අනතුර ද පාපුවරුවේ පමණක් නොව සියලු ස්ථානවල එල්ලී ගමන් ගන්නට සිදුවුණු නිසා ඇතිවුණු අනතුරකි.

දැනගන්නට ඇති පරිදි මේ කාලසටහන් නිර්මාපකයා විදේශ සංචාරයක ය. ඔහු එනතුරු මෙය කිසිසේත් වෙනස් කරන්නට ද බැරි බව කියැවේ. මේ ගැන දුම්රිය දෙපාර්තමේන්තුව රටට හෙළි කළ යුතුය.

නුදුරේ ද තවත් අනතුරු මේ අනුව සිදුවුවහොත් පුදුම විය යුතු නොවේ. මේ සියලු සිදුවීම්වල වගකීම දුම්රිය දෙපාර්තමේන්තුව බාරගත යුතු බව අපි නැවතත් කියමු.

RSL

Related Posts