තෙල් මිල අඩු නොකළත්, ඇම්බැට්ටයන්ට සංග්‍රහ නම් සරුවට!

Spread the love

Wetland_Concept_to_Foster_Katubedda

ඉතිහාසයේ අඩු ම තෙල් මිල ලෝක වෙළඳපලේ වාර්තා වී තිබුණේ මෑත කාලයේ දී ය. මෙරට ජනතාවට ඒ සහනය අබැටයකුදු ප්‍රමණයකින් ලබා දෙන්නට යහපාලනය යැ යි කියාගන්නා රජය සමත් නොවී ය.

කෙසේ වෙතත් පසුගිය වකවානුවේ අප පුවත් අඩවියද වාර්තා කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දේශපාලන පත්වීම් දෙන්නට යන බවයි. දැනගන්නට ලබෙන පරිදි දැන් ඒ සියලු ඇම්බැට්ට පත්වීම් ලබා දී ඇත. මෙහි විෂයභාර ඇමැතිවරයාවන චන්දිම වීරක්කෝඩි විසින් දේශපාලන පත්වීම් 100කට ආසන්න ප්‍රමණයක් ද, නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ විසින් තව ප්‍රමාණයක් ද දේශපාලන ඇම්බැට්ට පත්වීම් ලබා දී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

තෙල් මිල අඩුවීමේ වාසියෙන් ශතපහක සහනයක් ජනතාවට නොදුන්නේ සංස්ථාව පාඩු ලබන බව කියමිනි. සේවක අතිරික්තයක් ඇති අවස්ථාවක මෙවැනි දේශපාලන ඇම්බැට්ටයන් බඳවා ගැනීමෙන් සංස්ථාවට සිදුවන්නේ ලාබයක් ද?

මේ ජාතියේ ඊනියා යහපාලනයකට වඩා මහින්දගේ ගෝත්‍රික පාලනය සැපයි කියා ජනතාව කියන තැනකට රට පත්වෙන දිනය වැඩි ඈතක නැත!

RSL

Related Posts