බොරැල්ල-බත්තරමුල්ල මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කරයි

Spread the love

වැලිකඩ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් වැලිකඩ හංදියේ සිට බත්තරමුල්ල දෙසට මාර්ගයේ වාහන ධාවනය සීමා කිරීමට සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඒ අනුව හෙට(21) සිට 23 වන දා තෙක් තාවකාලිකව මෙම ක්‍රියාමාර්ගය ගන්නා අතර ඒ සඳහා විකල්ප මාර්ගයක් ලෙස කොටා පාර ඔස්සේ පාලම මඟ හරවා බුත්ගමුව මාර්ගයෙන් බත්තරමුල්ල දෙසට ගමන් කළ හැකි බව ද පොලීසිය දන්වා සිටියි.

එමෙන්ම ගුවන් පාලම මැදින් ගමන් කරනු ලබන අමතර මංතීරුව ද 23 වන දා සිට පාලමේ වැඩ කටයුතු අවසන් වන තුරු වාහන ගමනා ගමනය සීමා කර ඇත. 23 වන දින සිට වැලිකඩ හංදියෙන් කොළ‍ඹට ඇතුළුවීම හා පිටවීම මංතීරු 2කට සීමා කරන අතර ඒ හේතුවෙන් මාර්ගයේ විශාල වාහන අවහිරතා ඇති විය හැකි බව ද පොලිසිය පවසයි.

ඒ හේතුවෙන් මෙයට විකල්ප ලෙස පරණ කොටා පාර ඔස්සේ පැමිණ වැලිකඩ හංදියේ සිට බුත්ගමුව දක්වා දිවෙන මාර්ගය ඔස්සේ බත්තරමුල්ල දෙසට ගමන් කළ හැකි වෙයි.

RSL

Related Posts