TOP 10 හොරු ගැන

Spread the love

මහා පරිමාණ දූෂණ වංචා සිදු කළ අය ටොප් 10 කවුද කියා තේරීම විහිළුවක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

එවැනි අය සිදු කර ඇති දූෂණ වංචා පිළිබඳව ඔවුන්ගේ බිරියන් අධිකරණය හමුවේ කරුණු හෙළි කර ඇතැයි කී අමාත්‍යවරයා ඕනෑම අයෙකුට අල්ලස් කොමිසම හමුවට ගොස් පැමිණිලි කිරීමේ බාධාවක් නැතැයි ද කීය. පිළිකා ඖෂධ සඳහා දෙවැනි ඖෂධයක් රුසියාවෙන් ආනයනය කිරීමෙන් රුපියල් මිලියන 700ක් ඉතිරි කර ගැනීමට හැකි වුණා. ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරන්නේ එසේ මුදල් ඉතුරු කර ගැනීම වැරදියි කියලායි. පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ගැන ඉංග්‍රීසියෙන් කියන නමත් ඒකාබද්ධයේ ඒ මන්ත්‍රීවරයා දන්නේ නැහැ. එසේ තිබිය දී ඖෂධ සමාගම් වල වුවමනාව මත ඖෂධවල ගුණ අගුණ කියනවා. ඖෂධ ගැන නොදන්නා, මැණික් ගැරූ අය ඖෂධ ගැන ප්‍රකාශ නිකුත් කිරීම විහිළුවක් බව ද අමාත්‍ය සේනාරත්න මහතා කීය.

කළුතර දිස්ත්‍රික්කයේ ඖෂධවේදීන් හා ඖෂධ ශාලා හිමියන් දැනුවත් කිරීම සඳහා කළුතර පෙරේදා (02) පැවති රැස්වීමකදී අමාත්‍යවරයා ඒ බව කීය.

RSL

Related Posts