ඒ අපේ සන්ද්‍යා පන්තිය.අපේ මනෝවිද්‍යා දේශක තුමා දේශනාගාරයට ඇතුලු වුනේ ම අද අපි අමුතු සෙල්ලමක් කරමු කියාගෙන…අපි ට ඒ වචන ටික කාලෙකට පස්සේ අලුත් ම අත්දැකීමක්…සර් ඕනම කෙනෙක් ට ස්වකීය කැමැත්තෙන් ම ඉදිරියට එන්නෙ කිව්වා.මගේ මිතුරිය ඇලීසා පන්තිය ඉදිරියට ගියා.
සර් ඇයට ඇගේ ජීවිතයේ වැදගත් පුද්ගලයන් තිස් දෙනෙක්ගේ නම් කලු ලෑල්ලේ ලියන්න කියුවා.එයා එයාගේ පවුලේ අයගේ නම්, කැම්පස් යාලුවන්ගේ නම්, වෙනත් යාලුවන්ගේ, නෑදෑයන්ගේ,අසල්වැසියන්ගේ නම් ලියාගෙන ගියා.
සර් මුලින්ම එයින් නම් තුනක් ඉවත් කරන්න කිව්වා.ඇගේ යහලුවන් තුන් දෙනෙක්ගේ නම් ඉවත් කලා.ඊට පස්සෙ සර් තව නම් පහක් අයින් කරන්න කිව්වා..ඒ විදියට අන්තිමට කලු ලෑල්ලේ නම් හතරක් ඉතුරු වුනා.ඒ ඇගේ දෙමව්පියන්ගේ නම් සහ සැමියගේ මෙන්ම ඇයගේ එකම පුතාගේ නම…සර් ආයෙත් නම් දෙකක් ඉවත් කරන්න කිව්වා..ටිකක් කල්පනා කරපු ඇය ඇගේ දෙමව්පියන්ගේ නම් ඉවත් කලා..
ඊලගට වෙන දේ හිතාගන්න බැරිව අපි ගල් ගැහිලා බලන් හිටියේ.
සර් ආයෙත් තවත් නමක් ඉවත් කරන්න කිව්වා.ඇගේ ඇස් වලින් කදුලු පැන්නා..ඊලග තේරීම ඇයට ගොඩක් අපහසුයි.ටික වෙලාවකින් ඇලීසා එයාගේ පුතාගේ නම කලු ලෑල්ලෙන් ඉවත් කරලා දැම්මේ කදුලු වැක්කෙරෙන ඇස් වලින්.
සර් ඇයට ඉදගන්න කිව්වා ආයෙත් වතාවක්.
ඇයි ඇලීසා එහෙම කලේ? ඔයාට අමතක ද? ඔයාගේ දෙමව්පියන් දෙන්නා ඔයාට ඒ තරම් නොවැදගත් වුනාද?ඔයාට ජීවිතේ දුන්න, ඇස් දෙක වගේ හදාවඩා ගත්ත අම්මයි තාත්ත යි.ඔයා වෙනුවෙන් මේ ලෝකේ ලොකුම කැපවීම කලේ ඒ දෙන්නා..ඒ විතරක් නෙවී ඔයගේ පුතා කියන්නේ ඔයා ජීවිතේ දුන්න කෙනා.නව මාසයක් දුක් විදලා මේ ලෝකෙට බිහි කරලා ලේ කිරි කරලා පොවපු ඔයගෙම දරුවා.ඔයා තමන්ගෙම කියලා දරු සුරතල් බලපු එකම පිරිමි දරුවා ඒ! ඔයාට සැමියෙක් නම් ආයෙත් වතාවක් හොයාගන්න ඒ තරම් අපහසු නැහැ නේ ද?
සර්ගේ ඊලග ප්‍රශ්නෙට ඇලීසගේ උත්තරේ අපිත් නොයිවිසිලිවන්තව බලාපොරොත්තු වුනා.
සර් මම ඇත්තට හරි ආදරෙයි.ගොඩක් වෙලාවට මගේ දෙමව්පියන් මට කලින් ජීවිතෙන් සමුගනිවී.මගේ දරුවා එයාට දන්න තේරෙන කාලෙදී එයාගේ ජීවිතේ හොයන් යාවී.මට නතර කරන්න බැරි යථාර්තය ඒ.ඒත් මට හොදටම විශ්වාසයි මගේ අන්තිම හුස්ම තෙක්ම මගේ සැමියා මම වෙනුවෙන් පෙනීසිටියි කියලා..මම වෙනුවෙන් කතාකරයි කියලා.මම ආරක්ෂා කරයි කියලා..මම රැකබලා ගනී කියලා.මගේ සතුට ට වගේම කදුලටත් මගේ සැමියා හැමදාමත් හේතුවක් වෙයි.මම හිනාවෙන හැම වෙලේම ඔහු මගේ ලග නැතුවට මගේ ඇස් වලට කදුලු ආපු හැම වෙලේම ඔහු මගේ ලග හිටියා.ඉදිරියටත් එහෙම ඉදියි කියලා මට හොදටම විශ්වාසයි.මම ඒ ඇත්තට හරි ආදරෙයි සර්…!!!
මුලු පන්තියම අත්පොලසන් දෙන්න පටන් ගත්තා.දෙවියන් විසින් ගැහැනුන් සහ පිරිමින් අතර එවැනී වූ දැඩී ආත්මීය සම්බන්ධතාවක් ඇති කලේ මෙවැනි වූ පුළුල් අරුත්බර සම්බන්ධතාවන් පිනිස ම ය.තවද පුද්ගලබද්ධ ප්‍රේමය අවස්ථානුකූල හැර යෑම් පිනිස නොවිය යුතු ම ය.ඔබ ද එයට වටිනාකමක් එක් කරන්න.
-අන්තර්ජාලය ඇසුරින් සිංහලට අනුවර්තනය කරන ලදි.-
විශ්වා