හමුදාපති ලෙස ශවේන්‍ද්‍ර සිල්වා පත්කිරීම සම්බන්ධයෙන් එල්ලවන ජාත්‍යන්තර බලපෑම් අපි තරයේ හෙළාදකිනවා

Spread the love

නව හමුදාපති ලෙස ශවේන්‍ද්‍ර සිල්වා මහතා පත් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව ඇතුළු බටහිර රටවල් ශ්‍රී ලංකාවට ඉල්ලකරන බලපෑම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙසත්, තමා පෞද්ගලිකවත් තරයේ හෙළාදකින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක සහ ප්‍රධාන සංවිධායක තිලංග සුමතිපාල මහතා පවසයි.

ඊයේ (23) කොළඹ පරිවර්ථන කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එතුමා මේ පැවසීය.

එහිදී අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා සඳහන් කර සිටියේ, රටේ ජාතික ආරක්ෂක සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගනු ලබන තීරණයකට බලපෑම් කිරීම රටේ ස්වරීත්වයට හානියක් බවත් එසේ සිදුකරනු ලබන බලපෑම් තරයේ හෙළාදකින බවත් පැවසීය.

යුද අපරාධ සම්බන්ධයෙන් 2015 වසරේදී අත්සන් කළ ගිවිසුමෙන් මෙම බලපෑම සිදුවන්නේ දැයි මාධ්‍යවේදීයෙකු මෙහිදී නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ, 2015 ඔක්තෝම්බර් මාසයේදී හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු පිරිස් අත්සන් කළ එම ගිවිසුමෙන් රටේ ස්වෛරීත්වයට අහිතරකර බලපෑම් එල්ල වී ඇති බවයි. එසේම පක්ෂයක් ලෙස අපේ ප්‍රතිපත්ති අනුව ගත් කළ මෙය රට පාවාදීමක් ලෙස දකින බවද සුමතිපාල මහතා මෙහිදී සඳහන් කර සිටියේය.

එසේම ඉදිරියේදී මෙවැනි දෙයක් ක්‍රියාත්මක කිරීමේදී ගිවිසුම් ප්‍රකාරව අපේ විදේශ ප්‍රතිපත්තිත් එක්ක කොහොමද යන්න සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුවන බවද පැවසීය.

RSL

Related Posts