බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව හෙට (24 දා) හම්බන්තොටදී ආරම්භවීමට නියමිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙන අතර එහිදී නායකත්වය සුපුරුදු පරිදි චමරි අතපත්තුට හිමිව තිබේ.
නම් කරන ලද කණ්ඩායමට ක්‍රීඩිකාවන් 16 දෙනෙකු ඇතුළත් වන අතර ඒ අතරට අවසන් එක්දින තරගයේදී කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වමත් දඟ පන්දු යවන්නිය වන සචිනි නිසංසලාවද ඇතුළත් කිරීමට තේරීම්වලදී පියවර ගෙන තිබේ. සචිනි මීට පෙර විස්සයි-20 ජාත්‍යන්තර තරග 5 කදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇති අතර කඩුලු 3 ක් දවා ගැනීමට සමත්ව සිටින්නීය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, ඕෂධී රණසිංහ, ඉනෝෂි ප්‍රනාන්දු, සුගන්දිකා කුමාරි, අමා කාංචනා, රශ්මිකා සෙව්වන්දි, ඉමේෂා දුලානි, ශෂින ගිම්හානි, කාව්‍යා කාවින්දි, සචිනි නිසංසලා සහ කෞෂනී නුත්‍යාංගනා.
තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියද හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.