ටින් මාළු ඇතුළු ආහාරයට ගන්නා මාළු වර්ග රැසක් ආනයනය වහාම නවතයි!

Spread the love

තලපත් සහ කොප්පරා යන මත්ස්‍ය වර්ග හැර ටින් මාළු ඇතුළු අනෙකුත් මාළු වර්ග ආනයනය කිරීම තාවකාලිකව නවතා දැමීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මත්ස්‍ය අස්වැන්න වැඩි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන අතර අදාළ තීරණය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ අදාළ කටයුතු සකසන්නැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොළේ නිලධාරීන් හමු වීමෙන් පසු අමාත්‍ය අමරවීර මහතා මෙම තීරණය ගෙන තිබේ. දකුණු මුහුදෙන් ලැබෙන මත්ස්‍ය අස්වැන්න මේ දිනවල අඛණ්ඩව ඉහළ ගොස් තිබෙන බව ද නිලධාරීන් එහිදි අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කර තිබේ.

මේ අතර මේ වසරේ පළමු මාස අටක කාලයේදී රුපියල් මිලියන 23,026ක වටිනාකමකින් යුත් මත්ස්‍ය මෙට්‍රික් ටොන් 73,138ක් මෙරටට ආනයනය කර ඇතැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.

RSL

Related Posts