දින 11ක වර්ජනයෙන් මිලියන 110ක ඉතිරියක්

දින එකොළහක් තිස්සේ පැවැති දුම්රිය වර්ජනය හේතුවෙන් ඊයේ දිනය වනවිට රුපියල් මිලියන එකසිය දහයක (110) මුදලක් රජයට ඉතිරී වී ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු පැවසුවේය.ගණන් බලා ඇති ආකාරයට දුම්රිය ප්‍රවේශපත්‍ර අලෙවියෙන් දිනකට දුම්රිය දෙපාර්තුමේන්තුව රුපියල් මිලියන 18 ක් පමණ උපයා ගනී .එසේ උපයා ගන්නේද දුම්රිය ධාවනය වනවානම් පමණකි. දුම්රියක් ධාවනය සඳහා අති විශාල පිරිවැයක් යනු ඇත. මෙම මුදලින් සේවක පඩිනඩි …

Continue Reading

රාජපක්ෂලාට පක්කිලිකම් කරන දුම්රිය වෘත්තීය සමිති ඒජන්තයින් නිසා දුම්රිය සේවකයින්ගේ රැකියා අනතුරේ

වත්මන් රජය විසින් සියලු විෂමතා ඉවත්කොට රාජ්‍ය සේවයකින්ගේ වැටුප් 107%කින් වැඩිකොට ඇති පසුබිමක් තුළ රාජපක්ෂලාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ඔවුන්ට පක්කිලි කම් කරන වෘත්තීය සමිති ඒජන්තයින් හරහා ක්‍රියාත්මක දීපව්‍යප්ත වැඩ වර්ජන මාලාවට සමගාමීව සිදුවන දුම් රිය වැඩ වර්ජනයගේ නිරත සේවකයින්ට එරෙහිව රජය දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කොට තිබේ. දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අදාල ගැසට් නිවේදනය අද දිනයේ නිකුත් …

Continue Reading

හෙට බස් වර්ජනයක්! යළි දුම්රිය වර්ජනයක්!

නව දඩ පත්‍රිකාවට විරෝධය පළ කරමින් සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය අද(15) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ. වර්ජනය සදහා රජයේ ප්‍රගතිශිලි රියදුරු සංගමය, ‍ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය, වරාය පෞද්ගලික බහලුම් රථ සංගමය, බස්නාහිර පළාත් පෞද්ගලික බස් රථ රියදුරු සංගමය, කොළඹ නගරාන්තර ත්‍රීරෝද රථ සංගමය සහ සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය යන සංගම් …

Continue Reading

වර්ජනයෙන් රජයට කෝටි 10ක පාඩුවක්!

දුම්රිය සේවකයන් දින පහක කාලයක්‌ සිදුකළ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 10 කට අධික පාඩුවක්‌ සිදුවී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවැසීය. මීට අමතරව කුපිත වූ දුම්රිය මගීන් කොටුව දුම්රිය ස්‌ථානයට පහරදීමෙන් රුපියල් ලක්‍ෂ ගණනක හානියක්‌ සිදුවී ඇතැයි ද හෙතෙම කීය. දුම්රිය රියෑදුරන්, ස්‌ථානාධිපතිවරුන්, හා පාලකවරුන් ඇතුළු දුම්රිය ක්‍ෂේත්‍ර කීපයක වෘත්තිය සමිති පූර්ව දැනුම් දීමකින් තොරව ඉකුත් 8 දා …

Continue Reading

දුම්රිය වර්ජනය අවසන්! බස් වර්ජනයක් ඇරඹෙයි!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පොලොන්නරුවේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී අද(12) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර තිබූ වැඩ වර්ජනය නතර කිරීමට තීරණය කළ බව දුම්රිය එන්ජින් රියදුරුවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේය. එහිදි වර්ජනයට හේතුවු කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා වු බව කියා සිටි ඉන්දික දොඩංගොඩ මහතා එම ගැටලුවලට කඩිනමින් විසදුම් ලබාදෙන …

Continue Reading

දුම්රිය වර්ජනය දිගටම.. බස් වර්ජනය හෙට සිට..

දුම්රිය රියැදුරු, නියාමක ඇතුළු ශ්‍රේණි කිහිපයක සේවකයන් පසුගිය 08 වැනිදා සිට ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය අද (11) දිනයේත් අඛණ්‌ඩව ක්‍රියාත්මක වන බව දුම්රිය රියෑදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා පවසයි. ඊයේ (10) දිනයේත් වර්ජනය නැවැත්වීමට රජයෙන් කිසිදු සාකච්ඡාවක්‌ හෝ නොලැබුණු බවද ඔහු වැඩිදුරටත් පවසයි. මේ අතර තම වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් බලධාරීන් හා පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ නිසා මේ මස …

Continue Reading

දුම්රිය වර්ජනය දිගටම! ජනතාව දැඩි අසීරුතාවයක..

වැටුප් විෂමතා ඉවත් කරන ලෙසට රජයට බල කරමින් දුම්රිය වෘත්තීය සමිති විසින් අරඹා තිබෙන අඛණ්‌ඩ දුම්රිය වර්ජනය නිසා මගීහු දහස්‌ ගණනක්‌ ඊයේත් (09) දැඩි අපහසුතාවට පත් වූහ. කාර්යාල සේවකයන් මෙන්ම අපොස උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ද මේ හේතුවෙන් දැඩි පීඩාවට පත් වූහ. පෙර දැනුම් දීමකින් තොරව පෙරේදා (08) සවස තුනට හදිසියේ දුම්රිය වැඩ වර්ජනය දියත් කළ නිසා අසරණ …

Continue Reading

දහසක් ගණන් මගී ජනතාව අනතුරේ හෙලූ දුම්රිය අවුලට මුල මංගලගේ මොංගල් වැඩ..!

දුම්රිය සේවකයින් පිරිසකගේ වැටුප් වැඩි කිරීම සඳහා පසුගියදා විෂය භාර අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් දැක්වූ විරෝධතාවය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඉවත් දැමීම හේතුවෙන් ඊයේ (08) හදිසි දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක විය. සේවකයින් 300කට අඩු පිරිසකට ලබාදිය යුතු වැටුප් වර්ධකයක් මුදල් අමාත්‍යවරයාගේ අමන්‍යෝන ක්‍රියාකලාපය තුලින් ලබාදීම නොදීම හේතුවෙන් ඊයේ(08) මෙලෙස දස දහස් ගණනක මගී ජනතාව …

Continue Reading

දුම්රිය වර්ජනය පැය 12කින් කල් දමයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති රැසක් එක්ව අද(08) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට තීරණය කර තිබූ වැඩවර්ජනය හෙට(09) දහවල් 12 දක්වා තාවකාලිකව කල්දමා තිබේ. වැටුප් විශමතාව ඉවත් කිරීම සිදු කරන ලෙස ඉල්ලමින් දුම්රිය නියාමකවරුන්,රියදුරන්,ස්ථානාධිපතිවරුන් සමඟ දුම්රිය පාලකවරුන් බලධාරීන්ගෙන් සිදුකල ඉල්ලීමට විසඳුම් ප්‍රමාදවීමට අදාළව වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව එම වෘත්තිය සංගම් පවසා තිබුණි. ඒ අනුව අද දින …

Continue Reading

දුම්රිය: සාකච්ඡා අසාර්ථකයි, වර්ජනය ක්‍රියාත්මකයි; විදුලිය: අකුරට වැඩ

අද මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර ඇති දුම්රිය වෘත්තිය සමිති සහ ප්‍රවාහන බලධාරීන් අතර පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී තිබේ. අද(08) පෙරවරු 10.00 ට පැවති අදාළ සාකච්ඡාව සඳහා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සහ ප්‍රවාහන අමාත්‍ය ලේකම්වරයා ඇතුළු නිලධාරීන් මෙන්ම වෘත්තිය සමිති නියෝජිතයින් සහභාගී වූ බව සඳහන්ය. කෙසේවෙතත් එම සාකච්ඡාවේදී සිය ඉල්ලිම්වලට සාධනීය පිලිතුරක් …

Continue Reading