හෙට බස් වර්ජනයක්! යළි දුම්රිය වර්ජනයක්!

Spread the love

නව දඩ පත්‍රිකාවට විරෝධය පළ කරමින් සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය අද(15) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

වර්ජනය සදහා රජයේ ප්‍රගතිශිලි රියදුරු සංගමය, ‍ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය, වරාය පෞද්ගලික බහලුම් රථ සංගමය, බස්නාහිර පළාත් පෞද්ගලික බස් රථ රියදුරු සංගමය, කොළඹ නගරාන්තර ත්‍රීරෝද රථ සංගමය සහ සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය යන සංගම් සහය ලබාදෙයි.

සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමයේ සංවිධායක කුමාරරත්න රේණුක මහතා ප්‍රකාශ කළේ තාක්ෂණික කැමරා සහිත මාර්ග පද්ධතියක් සකස් කොට මෙම දඩ පත්‍රිකාව ඉදිරිපත් කරන ලෙසත් එතෙක් පැරණි දඩ පත්‍රිකාව ලබා දෙන ලෙසයි.

කෙසේ වෙතත් බස් හිමියන්ගේ සංගම් පවසන්නේ මෙම වර්ජනයට තමන් සහය නොදෙන බවයි.

මේ අතර දුම්රිය වැටුප් ගැටළුවට සතියක් තුළ ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් යළි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

ඊයේ (14) පැවති අමාත්‍ය මණ්ඩලයට වැටුප් ගැටළුව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් නොවීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කිරීමට දුම්රිය වෘත්තිය සමිති අද රැස් විය.

මෙම රැස්වීම සඳහා දුම්රිය රියදුරු, පාලක , ස්ථානාධිපතිවරු ඇතුළු වෘත්තිය සංගම් කිහිපයක් නියෝජනය කරමින් නිලධාරීන් එක්ව සිටි බව සඳහන්ය.

එහිදී මෙම ගැටලුව විසඳීම සඳහා රජයට සතියක කාලයක් ලබා දීමට තීරණය වූ බව අදාළ සාකච්ඡාවෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වු දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා පැවසීය.

RSL

Related Posts