දුම්රිය වර්ජනය අවසන්! බස් වර්ජනයක් ඇරඹෙයි!

Spread the love

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පොලොන්නරුවේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී අද(12) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර තිබූ වැඩ වර්ජනය නතර කිරීමට තීරණය කළ බව දුම්රිය එන්ජින් රියදුරුවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේය.

එහිදි වර්ජනයට හේතුවු කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා වු බව කියා සිටි ඉන්දික දොඩංගොඩ මහතා එම ගැටලුවලට කඩිනමින් විසදුම් ලබාදෙන බවට ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුවක් මත වර්ජන ක්‍රියාමාර්ගය නතර කිරිමට පියවර ගත් බව සදහන් කළේය.

පසුගිය 08 වැනිදා පස්වරු 3.00ට හදිසි වැඩ වර්ජනයක් ලෙස ආරම්භ වූ මෙම වැඩවර්ජනය සඳහා දුම්රිය රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් එක්ව සිටියේය.

මේ අතර සුළු වැරදි සම්බන්ධයෙන් වන දඩ මුදල් ඉහළ දැමීමට එරෙහිව මෙම 15 වනදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදුකරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයේ සංවිධායක කුමාරරත්න රේණුක මහතා පවසයි. මේ සඳහා සියලුම පෞද්ගලික බස් රථ රියදුරන් සම්බන්ධ කර ගන්නා බවද ඔහු පවසයි.

RSL

Related Posts