තව්ජීද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ශාෆිට එරෙහි පැමිණිලි සංඛ්‍යාව 540 ඉක්මවයි
සැලසුම් සහගතව බලහත්කාරයෙන් වන්ද්‍යකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ලව සිටින තව්ජිද් ජමාත් ත්රස්ත කණ්ඩායමට අයත් යැයි සැක කෙරෙන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ශාෆි වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිලි සංඛ්‍යාව 540 ඉක්මවා ගොස් ඇතැයි වාර්තාවේ. අද පෙරවරුවේ සිට කුරුණෑගල ශීක්ෂණ රෝහලට පැමිණි මව්වරුන් වෛද්‍ය ශාෆිට එරෙහිව විවිධ වර්ෂවලදී සිදුවූ සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් පැමිණිලි කළේය. ඒ අනුව අද දිනයේදී පමණක් රෝහලට ලැබුණු …
Continue Reading
තව්ජිද් ජමාත් ත්‍රස්තවාදීන්ගේ බෝම්බ කම්හලේ සේවයින්ගේ විමර්ශන TIDයට
ඇප මත මුදා හැරුණු පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සේවකයින් 8 දෙනාට හෙට සිට ලබන මස පළමුවනදා තෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ ප්‍රකාශ ලබාදෙන ලෙස අධිකරණය නියෝග කර තිබේ. පසුගිය 6 වනදා ඇප මත මුදා හැරුණු අදාළ සැකකරුවන් ඊයේ(27) අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණි. ඒ අනුව ඔවුන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී කොළඹ අතිරේක …
Continue Reading
ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රශ්න කරද්දී තව්හිද් ජමාත් වෛද්‍යවරයෙකු සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කර ඇතිබවට හෙළිවෙයි
සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු වන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. සිංහල බෞද්ධ මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය වෙද්දී සැකකාර වෛද්‍යවරයා ඉතාම සූක්ෂම ආකාරයට එම මවුවරුන්ගේ ශරීරයේ පැලෝපීය නාලය ගැටගසා ඔවුන් වඳ භාවයට පත් කර ඇති …
Continue Reading
පාර්ලිමේන්තු නිලධාරීන් අතර තවත් තවුහිද් ජමාත් ත‍්‍රස්තවාදීන් 04 ක්..!
පාර්ලිමේන්තු සංකීර්ණයේ සේවය කරන තවුහිද් ජමාත් ත්රස්ත කණ්ඩායමට අයත් තවත් සාමාජිකයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත. පාර්ලිමේන්තු සංකීර්ණයේ භාෂා පරිවර්තකයකු ලෙස සේවය කරමින් සිටි නවුෂාඞ් නමැත්තා සහ කුරුණෑගල මහ රෝහලේ සේවය කරමින් සිටි සහජාන් නමැති තවුහිද් ජමාත් සාමාජිකයන්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේදී පාර්ලිමේන්තුවේ සේවය කරන තවුහිද් ජමාත් සංවිධානයේ තවත් සාමාජිකයන් පිරිසක් පිළිබදව තොරතුරු හෙළි වී …
Continue Reading
තව්හීද් ඡමාත් ත්‍රස්තවාදීන්ගේ ගෝලයෙකු වූ පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක අත්අඩංගුවට
ජාතික තව්හීද් ජමාත් ත‍්‍රස්ත සංවිධානය සමග සමීප සබඳතා පවත්වමින් එහි ප‍්‍රවර්ධන කටයුතු සඳහා පූර්ණ දායකත්වය ලබාදුන් බව කියන පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු කුරුණෑගල විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇත. මුනාස් මොහොම්මදු මුන්ටාස් නමැති මෙම සැකකරු ඉකුත් 2006 වසරේ සිට පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු ලෙස රාජකාරි කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ. කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට ලැබුණු රහසිගත …
Continue Reading
තව්හිද් ඡමාත් සාමාජිකයින් සිටි තැන්වලින් සල්ලි මලු සහ රත්‍රන් තොග පිටින් හමුවෙයි
අත්අඩංගුවට ගෙන රඳවා සිටින ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයකු බව කියන බුහාර් මොහොමඩ් රාෆික් නමැති ව්‍යාපාරිකයාගේ කොළඹ 10, ටී.බී. ජයා මාවතේ පිහිටි නිල කාමරයක් පරීක්‌ෂාවට ලක් කිරීමේදී රුපියල් ලක්‌ෂ 83ක මුදලක් සහ පවුම් 97ක රන් ආභරණ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙම සැකකරු ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් සමග සම්බන්ධකම් ඇති බවට ලද තොරතුරු මත කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් පසුගියදා (09) අත්අඩංගුවට ගෙන තිබූ …
Continue Reading
ගෝඨාභයගේ සහචරයෙකු වූ අබ්දුල් රාසික් අත් අඩංගුවට නොගන්නේ ඇයි..? CID යට පැමිණිල්ලක්
තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් බුද්ධි අංශ අයුතු ලෙස යොදාගනිමින් මෙරට අන්තවාදී සංවිධාන නිර්මාණය කළ රාජපක්ෂවරුන්ගේ එක් සංවිධානයක් වන ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානය ලේකම් ලෙස පෙනී සිටි වර්තමානයේ සිලෝන් තවුහිඩ් ජමාත් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන අබ්දුල් රාසික් යන පුද්ගලයාට විරුද්ධව පෙරේදා(09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එම පැමිණිල්ල මගින් අපරාධ නීති …
Continue Reading
සෞදියට පැන්න තව්හිද් නායකයන් 4 න් 3 ක් මරාගෙන මැරෙන ත්‍රස්තයින්
පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සෞදියට පැන ගිය සිව් දෙනාගෙන් තිදෙනකුම මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීම සඳහා පුහුණුව ලැබූ ත‍්‍රස්තවාදීන් බව බව විමර්ශනවලින් හෙළිවී තිබේ. මඩකලපුව සහ අම්පාර ප‍්‍රදේශවල පදිංචි මෙම ත‍්‍රස්තවාදීන් සිව්දෙනා තවුහිද් ජමාත් සංවිධානයේ හිටපු නායක මොහොමඞ් සහරාන් සමග ඉතා සමීපව කටයුතු කළ අය බවද බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි. මෙම ත‍්‍රස්තවාදීන්ගෙන් තිදෙනකු …
Continue Reading
පුහුල් හොරා තිරෙන් පෙනුන.. අහේතුක ප්‍රහාරය ප්‍රශ්න කරන ප්‍රශ්න පත්‍රයක්!
පාස්කු දිනය දා මෙරට කිතුණු දේවස්ථාන තුනකට සහ තරු පහේ හෝටල් තුනක් ඉලක්ක කරගනිමින් සිදු වූ මිලේච්ඡ මරාගෙන මැරෙන පිපිරීම්වල වගකීම මුස්ලිම් අන්තවාදී ජාත්‍යන්තර සංවිධානයක් ලෙසට පෙනී සිටින අයි.එස්. සංවිධානය භාරගත් බවට මෙරට ජනාධිපති අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින අයෙකු වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් වැඩකටයුතු කරන මාධ්‍ය හිමිකරුවෙකුට අයත් මාධ්‍ය ආයතනයක් විසින් මුල් අවස්ථාවේ සිට දැඩි ප්‍රචාරයක් ලබා දුන්හ. එහෙත් මේ වන …
Continue Reading