අරින්න ගොස් ඇරගත් මංගලගේ නිරුවත් ඡවනිකාව
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් රටේ ආර්ථික මර්මස්ථානයක් වූ ශ්‍රී ලංකා රේගුවට එහි විශිෂ්ට සේවාවක් සිදුකළ රාජ්‍ය නිලධාරිනියක වන පී.එස්.එම්. චාල්ස් මහත්මිය රේගු අධ්යක්ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කොට තම ඉත්තෙකු ඊට පත්කිරීමට ගත් උත්සහය ජනාධිපතිවරයාගේ සහ රේගු වෘත්තීය සමිතිවල මැදිහත්වීම මත වැළකී ගිය පසු කරකියා ගතදෙයක් නොහැකිව අතරමං වූ මංගල තම විලි …
Continue Reading
රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරියට තනතුර අහිමි කර, එජාපයේ බත් බැලයෙක් ලවා රේගුවෙන් හොරා කන්න දඟලන සැලසුමේ රහස
රේගු අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස සේවය කළ ජී.එස්.එම්. චාල්ස් මහත්මිය එම තනතුරෙන් ඉවත් කර ඒ වෙනුවට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු වන රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට රනිල් වික්‍රමසිංහ රජය තීරණය කර තිබිණි. මේ තීරණය පසුපස ක්‍රියාත්මක වූ ජාවාරම්කාර මාෆියාවේ හතර මායිම් හොඳින් දැන සිටි රේගු වෘත්තීය සමිති එම තීරණයට එරෙහිව අවි අමෝරා ගත්හ. ඒ අනුව පසුගිය බදාදා (30දා) පස්වරුවේ …
Continue Reading
රේගු වර්ජනයෙන් දිනක පාඩුව රු.බිලියන 02 ඉක්මවයි
රේගු නිලධාරීන්ගේ ගැටළුවට කඩිනම් විසදුම් ලබාදීමට පියවර නොගතහොත් ලබන සතිය වන විට අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් මතුවනු ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා වෙළෙඳුන්ගේ සංගමය පෙන්වා දෙයි. මේ අතර රේගු සේවකයින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (02) සිව්වන දිනටත් ක්‍රියාත්මක වූ අතර මේ හේතුවෙන් සිදුවන දෛනික මූල්‍ය පාඩුව රුපියල් බිලියන 2ක්. රේගු අධ්යක්ෂ ජනරාල්වරිය වන පී.එස්.එම්. චාර්ල්ස් …
Continue Reading
මහ බැංකුව කොල්ල කෑ රනිල් ප්‍රමුඛ එජාපය රේගුව ඉහගෙන කන්න සැරසෙයි! ජනපති අණින් පළමු උත්සහය වැළකෙයි!
රටේ රාජ්‍ය ආදායමට මුදල් රැස්කරදෙන මෙන්ම රටේ ආරක්ෂාවට අතිශය වැදගත් ශ්‍රී ලංකා රේගුවේ රේගු අධ්යක්ෂ ජනරාල්වරිය මාරු කොට නිසි සුදුසුකම් නොමැති එක්සත් ජාතික පක්ෂයේ බත් බැලයෙකු පත්කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ කුප්‍රකට සඟයා වන මංගල ගත් පළමු උත්සහය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ විරෝධය හමුවේ වැළකී ගොස් ඇත. මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව මහ දවල් කොල්ල කන ලද්දේ රනිල් …
Continue Reading
රේගුවෙන් මිලියන 18,556 ක්!
ඉකුත් වසරේදී රේගු දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 18556ක් වටිනා විවිධ වර්ගයේ මත් ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබේ. කිලෝග්‍රෑම් 1246ක විවිධ මත්ද්‍රව්‍ය එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර කොකේන් කිලෝග්‍රෑම් 1230ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 800ක් ඒ අතර වන බව රේගු අධ්යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතා පවසයි. 2015 වසරේදී සිය දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 828ක ආදායමක් ඉපැයූ බවද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කෙළේය.
Continue Reading