අලූත් ආණ්ඩු වෙනුවට තියෙන ආණ්ඩුව එක්ක රට හදමු..! – ජනපති කියයි

අලූත් ආණ්ඩු හැදීමට නොව තිබෙන ආණ්ඩුව සමග එක්ව රට ගොඩනැගීමට කැපවීම සියලූදෙනාගේ යුතුකම බව ජනාධිපතිතුමා පවසයි. දුගී භාවයෙන් රට නිදහස් කර ගැනීමට රජය ක්‍රියාත්මක කර ඇති දැවැන්ත වැඩපිළිවෙළ සමග එක්ව යුගයේ වගකීම ඉටු කරන ලෙස තමා සියලූදෙනාට ආරාධනා කරන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ඊයේ (08) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ,තිරසර යුගයක – තෙවසර ඇරඹුම, ප්‍රධාන උත්සවය …

Continue Reading

නාමල් ඇතුළු 26ක් අත්අඩංගුවට!

හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝග කඩ කරමින් හම්බන්තොට ආයෝජන කලාපයට මුල්ගල තැබීම උත්සවය පැවැති පෙරේදා (7දා) විරෝධතාවයේ නියැළුණු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත. හිටපු කතානායක චමල් රාජපක්ෂ, හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක, දකුණු පළාත් සභා මන්ත්‍රි එස්.වී.පී. ආනන්ද, හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනුර සමර ගුණරත්න ඇතුළු …

Continue Reading

ජාතිවාදය ඇවිලවීමේ සංවිධානාත්මක ව්‍යාපාරයක්!

ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ ස්ථාන 04ක තිබූ බුදු පිළිමවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. පොලිසිය පවසන්නේ ඊයේ සහ අද අළුයම් කාලයේ දී සංවිධානාත්මක පිරිසක් විසින් එම බුදු පිළිමවලට හානි කර ඇති බවයි. ඒ අනුව උප්පුවේලි වෙල්ගම්වෙහෙර, මොරවැව, පුල්මුඬේ සහ ගෝමරන්කඩවල යන ප‍්‍රදේශවල තිබූ බුදු පිළිමවලට මෙලෙස හානි කර ඇත. උප්පුවේලි පොලිස් වසමට අයත් වෙල්ගම්වෙහෙර හන්දියේ පිහිටි බුදු පිළිමයට …

Continue Reading

පැරදුණු මහින්දව ගෙදර පැන්නවූ දුරකථන ඇමතුම් දෙක එළියට; මහින්ද වික්ෂිත්ත වෙයි(Exclusive)

2015 ජනවාරි මස 08 වනදා ජනාධිපතිවරණයෙන් මෙරට අතිබහුතර ජනතාවගේ ඡන්දයෙන් පරාජයට පත්කළ ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ රෙජිමාධිපතිවරයා වූ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නොහොත් මහින්ද රාජපක්ෂ පරාජයෙන් පසු ගෙදර නොයා කරන්නට ගිය හමුදා කුමන්ත්‍රණයත්, එය බිඳ දැමු අතිවිශේෂ දුරකථන ඇමතුම් දෙක සම්බන්ධයෙන් වන තොරතුරු මේ වන විට මුදා හැර තිබේ. එදා පරාජිත කුප්‍රකට පර්සි මහින්ද කියා සිටියේ තමා ඉතා පහසුවෙන් සරලව බලය හැරදා …

Continue Reading

හම්බන්තොටදී නාමල්ගේ පාදඩ මැරයින් රණවිරුවන්ට පහරදෙති; තත්වය බරපතළයි

හම්බන්තොටදී කු.පා.ම මහින්ද රාජපක්ෂගේ පුත් හ.පා.ම. නාමල් රාජපක්ෂගේ පාදඩ මැරයින් විසින් රණවිරුවන්ට ඉතා නින්දිත අයුරින් පහර දී තිබේ. නාමල් රාජපක්ෂගේ පාදඩ මැරයින්ගේ ගල් ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙසේ නාමල්ගේ පාදඩ මැරයින්ගේ ඉලක්ක ගත ප්‍රහාරයන්ට ලක්වූ රණවිරුවන් කිහිපදෙනෙකු අසාධ්‍ය මට්ටමේ පසුවන බවට වාර්තාවේ. තුවාලකරුවන් අතර විරෝධතාවයේ නිරතවූවන්, කර්මානතපුරයේ සමාරම්භක උත්සවයට පැමිණි ජනතාව සහ ආරක්ෂක …

Continue Reading

මහින්ද අඩියක් පස්සට ගනී..

විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ තම සහචරයින් ප්‍රමුඛ අසරණ ජනතාවට දවල් සිහින පෙන්වමින් ගෙන යන දේශපාලන ව්‍යාපාරය තුළ අරඹන ලද ‘පොහොට්ටු’ පක්ෂයේ තමන් නොමැති බව ඊයේ (06) ප්‍රකාශ කරන ලදී. කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ මාධ්‍යය හමුවක් ඊයේ(06) එතුමාගේ කාර්යාලයේදී පැවැත්විණ. මාධ්‍යය සාකච්ඡාව ආරම්භ වීමට ප්‍රථම මහින්ද රාජපක්ෂ මහතා සිය මේසය මත තිබු නෙලුම් පොහොට්ටු සහිත මල් …

Continue Reading

“අපහාසයක් වීමට තරම් ඔබට කීර්තියක් තිබෙනවාද..?“ – උසාවියේදී චම්පිකගෙන් අසයි

ආන්දෝලනයෙන් තුඩුදුන් තරුණයන් දෙදෙනකුට තුවාල සිදු කළ රාජගිරියේ රිය අනතුර සහ ප‍්‍රසිද්ධ නිළියක් සම්බන්ධයෙන් වන ප‍්‍රචාර පිළිබදව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් කොළඹ දිසා අධිකරණය හමුවේදී ඊයේ (05දා) ප‍්‍රශ්න කරනු ලැබීය. මාධ්‍ය හමුවකදී කළ ප‍්‍රකාශයක් සහ එය පුවත්පතක ප‍්‍රචාරය කිරීම තුළින් තමන්ට සිදුවූ අපහාසයට රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලා ඇමැති පාඨලී චම්පික රණවක මහතා ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් …

Continue Reading

පොලිස් කොමිසමේ සභාපති හදිසියේම ඉල්ලා අස්වුණේ ඇයි..?

ජාතික පොලිස් කොමිසමේ සභාපති සිරි හෙට්ටිගේ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. දිගු කලකට විදේශගතවීමට සිදුවීම ඊට හේතුව බව සඳහන් කරමින් හෙට්ටිගේ මහතා ව්‍යවස්ථා සභාවට ලිපියක් යොමු කර ඇති අතර තවදුරටත් කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කරන බවද එහි සඳහන් කර ඇතැයි වාර්තාවේ. ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේ, ජර්මනියේ විශ්වවිද්‍යාලයක ඉගැන්වීම් කටයුතු සඳහා යොමුවීම හේතුවෙන් …

Continue Reading

ජනපති හම්බන්තොට ගැන දැඩි ස්ථාවරයක

හම්බන්තොට වරාය සහ කර්මාන්තපුරය සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් රජය මෙතෙක් සම්පාදනය කර නොමැති බවද, ඒ පිළිබඳව කිසිදු කමිටු වාර්තාවක් ද එළිදක්වා නොමැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා ඊයේ(05) සවස පැවති උත්සවයකදී අවධාරණය කළේ, රටේ උරුමයට සහ ගෞරවයට හානි වන ලෙස හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි අයුරින් රජය කිසිදු විදේශ රටක් හෝ ආයතනයක් සමග ගිවිසුමක් ඇති කර නොගන්නා බව ය. …

Continue Reading

‘වොක්ස් වැගන්’ අතේ පත්තු වෙයි! (විශේෂ)

කුලියාපිටියේ මෝටර් රථ එකලස් කරන කර්මාන්ත ශාලාව හා ෆෝක්ස්වැගන් සමාගම පිළිබඳව අප කළ හෙළිදරව්වට අදාළව අද ෆෝක්ස්වැගන් ජාත්‍යන්තර සමාගමෙන් අප නිල වශයෙන් විමසීය. ඒ අනුව ෆෝක්ස්වැගන් සමාගමේ ආයතනික සන්නිවේදන අංශයේ කැතරින් හොක්මන් මහත්මිය තහවුරු කළේ, ෆෝක්ස්වැගන් සන්නාමය භාවිත කරමින් ශ්‍රී ලංකාවේ මේ වන තෙක් කිසිදු ආයෝජනයක් සිදු කර නොමැති බව ය. “There are no plans for Volkswagen brand investment in …

Continue Reading