අලූත් ආණ්ඩු වෙනුවට තියෙන ආණ්ඩුව එක්ක රට හදමු..! – ජනපති කියයි

Spread the love

අලූත් ආණ්ඩු හැදීමට නොව තිබෙන ආණ්ඩුව සමග එක්ව රට ගොඩනැගීමට කැපවීම සියලූදෙනාගේ යුතුකම බව ජනාධිපතිතුමා පවසයි.

දුගී භාවයෙන් රට නිදහස් කර ගැනීමට රජය ක්‍රියාත්මක කර ඇති දැවැන්ත වැඩපිළිවෙළ සමග එක්ව යුගයේ වගකීම ඉටු කරන ලෙස තමා සියලූදෙනාට ආරාධනා කරන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ඊයේ (08) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ,තිරසර යුගයක – තෙවසර ඇරඹුම, ප්‍රධාන උත්සවය අමතමිනි.

2017 වසරේ රට දුගී භාවයෙන් නිදහස් කර ගැනීමේ ප්‍රධාන ව්‍යාපෘතිය ලෙස ග්‍රාම ශක්ති ජාතික ව්‍යාපාරය මේ මාසයේ සිට ආරම්භ කරන බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා කෘෂිකර්මාන්තයේ සහ වාරිමාර්ග ක්ෂේත‍්‍රයේ පුළුල් පෙරළියක් සිදු කරමින් නව වැඩපිළිවෙළ රැසක් ද ක්‍රියාවට නංවන බව කියා සිටියේය
ඇතැම් පිරිස් පසුගිය රජයේ සහ මෙම රජයේ සංවර්ධන වෙනස පිළිබද කථා කරමින් රජයට ඇ`ගිල්ල දිගු කළ ද එදා දුටු සුන්දර මහා සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස රුපියල් කෝටි නව ලක්ෂයක ණය බරක් රටට උරුම වී ඇති බව පැවසූ ජනාධිපතිතුමා තවදුරටත් අපට අවශ්‍ය වන්නේ එම සැලෝලයිඞ් ලෝකයද, ජාතික ආර්ථිකයේ යථාර්තය තේරුම් ගෙන රට ගොඩනැගීමට සියලූදෙනා එක්වීම ද යන්න ජනතාව අවබෝධකරගත යුතු බව ප්‍රකාශ කළේය.

යහපත උදෙසා තීන්දු තීරණ ගන්නවා සේම අනාගත බලය පිළිබද සිහින දකිමින් ආණ්ඩු පෙරළීමට කිසිදු ඉඩක් නොතබන බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා යහපාලන රජය යහපාලන ප්‍රතිපත්තිවලට ගරු කරමින් ශක්තිමත් රජයක් ලෙස ඉදිරියට ගමන් කරන බවත් ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වූ ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වත්මන් රජයට ඒකාන්තයෙන්ම හැකියාව තිබෙන බවත් කියා සිටියේය.

Loading...

RSL

Related Posts