නාමල් ඇතුළු 26ක් අත්අඩංගුවට!

Spread the love

හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝග කඩ කරමින් හම්බන්තොට ආයෝජන කලාපයට මුල්ගල තැබීම උත්සවය පැවැති පෙරේදා (7දා) විරෝධතාවයේ නියැළුණු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

හිටපු කතානායක චමල් රාජපක්ෂ, හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක, දකුණු පළාත් සභා මන්ත්‍රි එස්.වී.පී. ආනන්ද, හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනුර සමර ගුණරත්න ඇතුළු 26 දෙනකුට මේ අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබිණි. හම්බන්තොට පරිපාලක සංකීර්ණය හා යෝජිත කර්මාන්තපුරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම දින 14කට තහනම් කරමින් එම නියෝගය හම්බන්තොට මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් නිකුත් කර තිබිණි.

එම අධිකරණ නියෝගය කඩකරමින් ප්‍රදේශයේ මහජන සාමය කඩ වන ආකාරයට ක්‍රියා කළ දේශපාලනඥයන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘මව්බිම’ට කළ විමසුමකදී පැවැසීය.

හම්බන්තොට ආයෝජන කලාපයට මුල් ගල තැබීමේ උත්සව පැවැත්වෙන අවස්ථාවේදී සංඝරත්නයේ සහයෙන් පවත්වන බව කියන විරෝධතාවකින් මහජන සාමය කඩ වී කලහකාරී සිද්ධියක් ඇතිවේවි යැයි පවසමින් පොලිසිය අධිකරණයට කළ කරුණු දැක්වීමකට අනුව එම නියෝගය හම්බන්තොට මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි.

-මව්බිම-

Loading...

RSL

Related Posts