මෛත්‍රි-රනිල් හවුල් ආණ්ඩුව දැන් නීත්‍යනුකූලද යන්න ප්‍රශ්නයක්!

නීත්‍යනුකූලව බලයට පත්වූ ආණ්ඩුව උද්ඝෝෂණවලින් පෙරළීමට නොහැකි බව ඇතැමුන් පැවැසුවත් වත්මන් ආණ්ඩුව නීත්‍යනුකූලද යන්න ප්‍රශ්නයක් බව කොළඹ දිස්ත්‍රික් එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය. ආණ්ඩුවේ ඇමැති තනතුරුවලින් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම හෙට පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ උද්ඝෝෂණයට සහාය පළ කරන බවද හෙතෙම ඊයේ (03දා) එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවැසීය.   සුසිල් …

Continue Reading

මෛත්‍රී ආවේ අගමැති වෙන්න… රනිල් ඔහුව ජනපති කළා.. කවුරුත් නොදන්න කතාවක්!

2015 දී මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව නම් කීයක් කියවුණාද කරු ජයසූරිය, සෝභිත හාමුදුරුවෝ, ශිරානිි බණ්ඩාරනායක ලෙස විවිධ නම් කියවුණා. නමුත් ආවේ මෛත‍්‍රිපාල සිරිසේන මහතා. ඇත්තටම ඔහු ආවේ ජනාධිපති වෙන්න නොවෙයි. අගමැති වෙන්න. අගමැති වෙන්න ආපු කෙනා ජනාධිපති කළේ රනිල් වික‍්‍රමසිංහ මහතායි. ඒක තමයි ඇත්ත. එහි අභ්‍යන්තර කතාව වෙනම එකක්’යැයි එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. එලෙස …

Continue Reading

හොඳ දේ කළත් රූපවාහිනියෙන් හෝ පත්තරවලින් හෝ මගේ තීන්දු අගය කරන්නේ නෑ

අද මාධ්‍ය විසින් මට බනිනවා. නමුත් ඒ කිසිම මාධ්‍යවේදියෙක් සුදු වෑන්වලින් ගෙන යෑමට අප කටයුතු කරන්නේ නැහැ. කවුරුවත් ඝාතන හෝ වෙඩි තැබීම් සිදු කර නැහැ. නමුත් අපට තවමත් බනිනවා. එය අප ඇති කළ ප්‍රජාතන්ත්‍රවාදය බව පැවැසිය හැකි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. රූපවාහිනියෙන් හෝ පත්තරවලින් තමාගේ තීන්දු තීරණ අගය නොකරන නමුත් තමා සෑම විටම රට වෙනුවෙන් හරි දේ කරන බවත්, …

Continue Reading

නටපු නැටුමකුත්, බෙරේ පළුවකුත් නැතිව නව මැතිවරණ ක්‍රමය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්කර ගනී..

වත්මන් යහපාලන ආණ්ඩුව වසර තුනකට ආසන්න කාලයක් නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් සකසා ඉදිරිපත් කරන ලද පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී අද ආණ්ඩුව විසින්ම පරාජයට පත්කර ගත්තේය. මෙම වාර්තාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පරාජය ව තිබේ. පක්ෂව ඡන්ද කිසිවක් හිමි නොවු අතර විපක්ෂව ඡන්ද 139 ක් හිමිවිය. මෙහි අනෙක් …

Continue Reading

පසුගිය ආණ්ඩුව වගේ අපි විදේශිකයන්ට ඉඩම් විකුණා නෑ

පසුගිය ආණ්ඩු සමයේ විදේශිකයන්ට මේ රටේ ඉඩම් සින්නක්කර අයිතියට පවරා ඇති බවද මේ රජය ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරමින් සිටින බවද කිසිවිටෙකත් විදේශිකයන්ට ඉඩම් විකුණා නැති බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැසීය. අග්‍රාමාත්‍යවරයා එසේ පැවැසුවේ (21) බද්දේගම නගරයේ පැවැති ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදාදීමේ වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු 4000ක් ලබාදීමේ වැඩසටහනට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද …

Continue Reading

ණය ගෙවන ගමන් අපි කරන සැලසුම් සහගත සංවර්ධනය මෙන්න..

ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පුළුල් සංවර්ධන සැලැස්මක් ඔස්සේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම රජයේ අරමුණ වී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා මොනරාගලදී පැවැසීය. වත්මන් ආණ්ඩු බලය ලබා ගන්නා විට රට අධික ණය බරක සිරවී සිටි නමුත් සෞඛ්‍ය, අධ්‍යාපන, ජාත්‍යන්තර සබඳතා, සේවා හා කර්මාන්ත යන අංශයන් දියුණු කරමින් රට ක්‍රමානුකූලව ඉදිරියට ගෙන ඒමට වත්මන් ආණ්ඩුව …

Continue Reading

ඒකාධිපති රෙජීමයකින් මුදාගත් රටක ජනතාව නිදහසේ හුස්ම ගන්න හැටි

“පසුගිය වසර තුන අපට ලේසි පහසු වුණේ නෑ. අපි එදා 2015දී දේශපාලන සම්ප්‍රදායක් කඩකර මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සඳහා වැඩකටයුතු කළා. එතුමා ජනාධිපති වුණාට පසු යළිත් සියලු දේශපාලන සම්ප්‍රදායන් කඩකර ජාතික ආණ්ඩුවක් හදා රට වෙනුවෙන් කටයුතු කළා. ගෙවුණු වසර තුන ජනතාවට හුස්ම ගන්න පුළුවන් වූ වසර තුනක් බවට පත් වුණා” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසුවේ පසුගියදා …

Continue Reading

ගමට කෝටියකින් අගමැති රනිල් තරුණ තරුණියන්ට සල්ලි බෙදයි

ලෝක තරුණ දිනය නිමිත්තෙන් ගමට කෝටියක් වැඩසටහන යටතේ තරුණ තරුණියන් 1500 දෙනකුට මුදල් ප්‍රදානය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහල පරිශ්‍රයේදී සිදුකෙරිණි. එහිදී අදහස් දැක්වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ගමට කෝටියක් වැඩසටහන මඟින් ගමේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරන තරුණ තරුණියන්ට ඉදිරියට යෑමට ශක්තියක් දීම රජයේ අපේක්ෂාව බැවින් මෙම වැඩසටහන වඩාත් විධිමත්ව ඉදිරියට ගෙන යෑමට පියවර ගන්නා බව සඳහන් …

Continue Reading

මන්ත්‍රීවරුන් 55 දෙනකුට මසකට ලක්ෂ දෙකක දීමනාවක්

තෝරාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 55 දෙනකුට මාසිකව රුපියල් ලක්ෂ දෙකක ප්‍රවාහන දීමනාවක් ලබාදීම දැඩිව හෙළාදකින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ගෙවන වැටුප් සහ අනෙකුත් දීමනාවලට අමතරව තෝරාගත් මන්ත්‍රී කණ්ඩායමක් වෙනුවෙන් මාසිකව සිදු කර ඇති බව කියන රුපියල් ලක්ෂ දෙකක හෝ ඊට ආසන්න ගෙවීම පිළිබඳව තොරතුරු ලබාදෙන්නැයි ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරයා ඉඩම් ‍හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුනේ …

Continue Reading

ගැටුම එළිපිට; අගමැති රනිල්, ජනපති මෛත්‍රීගේ ඉදිරි වැඩසටහන් මඟ අරී.. (විශේෂ)

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉදිරි දේශපාලන ගමනට අදාළ වන වැඩ සටහන් වලට සහභාගී වීම මඟ අරින බවට දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් යහපාලන රජයේ 2030 ඉලක්ක කරගත් “තිරසර දැක්ම එළිදැක්වීම සහ තිරසර කතිකාව ජනගත කිරීම” මැයෙන් ඊයේ(06) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලාවේදී පැවති උත්සවය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කොට තිබුණද …

Continue Reading