රට ඉදිරියට ගෙනියන්න අමාරු බව දැනගෙන තමා අපි ආණ්ඩුව අරගත්තේ..

රට ඉදිරියට ගෙන යෑමට අපහසු බව දැන දැනත් අප ආණ්ඩු බලය ලබා ගත්තේ ජනතාවට සහන ලබාදී රට දියුණු කිරීම සඳහායි. සියලු අපහසුතා මධ්‍යයේ අප ඉදිරියට යනවා. ආර්ථිකයක් බිඳ දැමීමට ගතවන්නේ කෙටි කාලයක් වුවත් ආර්ථිකයක් ගොඩනැඟීමට වසර ගණනාවක් ගත වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර දිස්ත්‍රිත් බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමින් පසුගියදා පැවසීය. එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය. මහනුවරට පැමිණ එක්සත් …

Continue Reading

සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයෝජන ප්‍රමාණවත් නැහැ

අනාගත සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයෝජන ප්‍රමාණවත් නොවන බැවින්, පුද්ගලික ආයෝජන ද ඒ සඳහා එක්රැස් කර ගැනීම පිළිබඳ කලාපීය පොදු කතිකාවතක වැදගත්කම ආසියානු රටවල් සියල්ලම පාහේ අවබෝධ කරගෙන ඇති බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. වියට්නාමයේ, හැනොයි නුවර ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුවේ ‘පුද්ගලික අංශයේ මූල ධනය එක්රැස් කර ගැනීම මැයෙන් ඊයේ (11) පැවති පූර්ව …

Continue Reading

අපි කිසිම ලෙසකින් අධිකරණයට බලපෑම් කරන්නේ නෑ

වත්මන් රජය අධිකරණයට බලපෑම් නොකරන බවත් විශේෂ මහාධිකරණයක් පිහිටුවනු ලැබු බවත් තවත් මහාධිකරණයක් ළඟදීම පිහිටුවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ(05)පාර්ලිමේන්තුවේ දී අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, “පසුගිය කාලයේ මෙරට සිදු වූ බරපතල දූෂණ වංචා පිළිබඳව නඩු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ අධිකරණය පිහිටුවීමේ පනත සම්මත කරගනු ලැබුවා. පනතට අදාළව කොපමණ …

Continue Reading

හොඳ දේ කළත් රූපවාහිනියෙන් හෝ පත්තරවලින් හෝ මගේ තීන්දු අගය කරන්නේ නෑ

අද මාධ්‍ය විසින් මට බනිනවා. නමුත් ඒ කිසිම මාධ්‍යවේදියෙක් සුදු වෑන්වලින් ගෙන යෑමට අප කටයුතු කරන්නේ නැහැ. කවුරුවත් ඝාතන හෝ වෙඩි තැබීම් සිදු කර නැහැ. නමුත් අපට තවමත් බනිනවා. එය අප ඇති කළ ප්‍රජාතන්ත්‍රවාදය බව පැවැසිය හැකි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. රූපවාහිනියෙන් හෝ පත්තරවලින් තමාගේ තීන්දු තීරණ අගය නොකරන නමුත් තමා සෑම විටම රට වෙනුවෙන් හරි දේ කරන බවත්, …

Continue Reading

ණය ගෙවන ගමන් අපි කරන සැලසුම් සහගත සංවර්ධනය මෙන්න..

ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පුළුල් සංවර්ධන සැලැස්මක් ඔස්සේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම රජයේ අරමුණ වී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා මොනරාගලදී පැවැසීය. වත්මන් ආණ්ඩු බලය ලබා ගන්නා විට රට අධික ණය බරක සිරවී සිටි නමුත් සෞඛ්‍ය, අධ්‍යාපන, ජාත්‍යන්තර සබඳතා, සේවා හා කර්මාන්ත යන අංශයන් දියුණු කරමින් රට ක්‍රමානුකූලව ඉදිරියට ගෙන ඒමට වත්මන් ආණ්ඩුව …

Continue Reading

ඒකාධිපති රෙජීමයකින් මුදාගත් රටක ජනතාව නිදහසේ හුස්ම ගන්න හැටි

“පසුගිය වසර තුන අපට ලේසි පහසු වුණේ නෑ. අපි එදා 2015දී දේශපාලන සම්ප්‍රදායක් කඩකර මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සඳහා වැඩකටයුතු කළා. එතුමා ජනාධිපති වුණාට පසු යළිත් සියලු දේශපාලන සම්ප්‍රදායන් කඩකර ජාතික ආණ්ඩුවක් හදා රට වෙනුවෙන් කටයුතු කළා. ගෙවුණු වසර තුන ජනතාවට හුස්ම ගන්න පුළුවන් වූ වසර තුනක් බවට පත් වුණා” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසුවේ පසුගියදා …

Continue Reading

ගමට කෝටියකින් අගමැති රනිල් තරුණ තරුණියන්ට සල්ලි බෙදයි

ලෝක තරුණ දිනය නිමිත්තෙන් ගමට කෝටියක් වැඩසටහන යටතේ තරුණ තරුණියන් 1500 දෙනකුට මුදල් ප්‍රදානය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහල පරිශ්‍රයේදී සිදුකෙරිණි. එහිදී අදහස් දැක්වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ගමට කෝටියක් වැඩසටහන මඟින් ගමේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරන තරුණ තරුණියන්ට ඉදිරියට යෑමට ශක්තියක් දීම රජයේ අපේක්ෂාව බැවින් මෙම වැඩසටහන වඩාත් විධිමත්ව ඉදිරියට ගෙන යෑමට පියවර ගන්නා බව සඳහන් …

Continue Reading

ගැටුම එළිපිට; අගමැති රනිල්, ජනපති මෛත්‍රීගේ ඉදිරි වැඩසටහන් මඟ අරී.. (විශේෂ)

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉදිරි දේශපාලන ගමනට අදාළ වන වැඩ සටහන් වලට සහභාගී වීම මඟ අරින බවට දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් යහපාලන රජයේ 2030 ඉලක්ක කරගත් “තිරසර දැක්ම එළිදැක්වීම සහ තිරසර කතිකාව ජනගත කිරීම” මැයෙන් ඊයේ(06) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලාවේදී පැවති උත්සවය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කොට තිබුණද …

Continue Reading

ජනාධිපති නිකම්ම නිකම් උත්සව සැරසිල්ලක් වගේ; මේ අවුලට මුල අගමැති – පූජ්‍ය අතුරලියේ රතන හිමි

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජනාධිපති උපදේශක තනතුරින් ඉවත් වන බව පසුගියදා ප‍්‍රකාශ කර සිටියහ.උන්වහන්සේ එහිදී වැඩිදුරටත් සඳහන් කළේ එම තනතුරේ සිටීමත් ලැජ්ජාවක් බවත් තමන් වහන්සේගෙන් අදාළ පාර්ශව ගත් උපදෙසක් නැති බවත්ය. ඒ පිළිබඳව මෙන්ම, වස විස නැති ගොවිතැන සහ සමුපකාර සංවිධානයේ වෙදිකාවට ගොඩවීම පිළිබඳව උන්වහන්සේගෙන් විමසා සිටියෙමු.පහතින් පෙළ ගැසෙන්නේ පූජ්‍ය අතුරලියේ රතන හිමි සමඟ කළ සාකච්ඡාවයි. ප‍්‍රශ්නය – අවසරයි අපේ …

Continue Reading

උතුර සංවර්ධනයට ඇති අගමැති රනිල්ගේ සැලැස්ම කියයි

පලාලි ගුවන් තොටුපොළ, කන්කසන්තුර වරාය මෙන්ම උතුරේ කර්මාන්ත ආරම්භ කරමින් පුළුල් සංවර්ධනයක් සිදු කිරීමට මේ වන විටත් පියවරගෙන අතර උතුරේ මාර්ග පද්ධතිය දියුණු කිරීමත්, සංචාරක ව්‍යාපාරය හා කෘෂි කර්මාන්තය ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල දියුණුවක් ඇති කිරීමට තමා සැලැසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ රුපියල් මිලියන පන්දහසක් වැය කරමින් ඉදිකරන ලද නේවාසිකාගාර දෙකක් සහ තවත් ගොඩනැගිලි …

Continue Reading