සියලු අංශ සීරුවෙන් තබන්න – ජනපතිගෙන් නියෝගයක්

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හමුවේ ඇතිවිය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීමට හැකිවන පරිදි සියලු අංශ සූදානමින් තබන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත. එමෙන්ම ගංවතුරෙන් හා නායයාම් හේතුවෙන් අවතැන්වන එක් පුද්ගලයෙකුගේ ආහාර පාන ඇතුළු අවශ්‍යතා වෙනුවෙන් දිනකට වෙන් කරන රුපියල් 150 ක මුදල රුපියල් 225 දක්වා වැඩිකිරීමටද ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇති අතර ජනාධිපති මෛතී‍්‍රපාල …

Continue Reading

ජනපති මෛත්‍රී අනතුරක් අභියස!

මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් තිබෙන බව කරුණු කාරණා සලකා බැලීමේ දී පැහැදිලිව පෙනී යන්නකි. පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය විසින් පසුගිය දා එම කරුණ මතු කර තිබුණි. හිටපු ජනධිපතිවරුන්ට සහ ජනාධිපතිනියට සාපේක්ෂව වත්මන් ජනාධිපතිවරයා බොරු සෝබන කටයුතුවලින් ඈත්ව සිටියද ස්වකීය ආරක්ෂාව ගැන සැලකිලිමත්වීම බොරු සෝබන කටයුත්තක් නොවේ. ලක්ෂ ගණනක ජනතා කැමැත්තෙන් පත් වූ ජනපතිවරයෙක් යනු තමන්ගේ ජීවිතය …

Continue Reading

ජනපති ඒකාබද්ධ විපක්ෂය අමතයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භේද බින්න වී යන්නට පෙර නිමිති පළ වූයේ කාලයක සිට පටන් බව නොරහසකි. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා සිය බූදලයක් බවට එම පක්ෂය හරවා ගැනීමෙන් පසුව එය වඩාත් තීව්‍ර විය. ජනාධිපතිවරණයෙන් පරාජය වුණු පසුව මහින්ද ප්‍රමුඛ කරගත් පිරිසක් (මොවුන් බහුතරයක් විවිධ චෝදනා එල්ල වූ පිරිස ය.) ඒකාබද්ධ විපක්ෂය නමින් වෙන් වී ශ්‍රී.ල.නි.ප ක්‍රියාමාර්ගවලට එරෙහිව කටයුතු කරන්නට විය. …

Continue Reading

ජර්මනියෙන් ශ්‍රී ලංකාවට ආර්ථික ආධාර රැසක්

ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහ වෙළෙඳ කටයුතු වර්ධනය කර ගැනීම පිළිබඳ සොයා බැලීමට ජර්මන් ආර්ථික කටයුතු අමාත්‍යවරයා ඇතුළු එරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් ලබන මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට එවන බවට ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහතික වෙයි. ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ආර්ථික සහ වෙ‍ළඳ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ජර්මනියේ රාජ්‍ය සංචාරයක …

Continue Reading

මානෙල් පිළී ගඳ ම ය!

මහනෙල් සුවඳ ම ය කුඩමසු පිළී ගඳ ම ය යනුවෙන් කවියක කියවුණත්, මේ මානෙල් නම් පිළී ගඳ ඕසෙට වගුරුවා සිංගප්පූරු රටේ හිරබත් කන්නේ ය. නිදාන කතාව මෙසේ ය. පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරු කලකට වරක් විවිධ රටවල සංචාර කරති. මහජන මුදලින් කෙරෙන මෙවන් සංචාර කුණු ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ වැඩමුළු ආදී නම් වලින් හැඳින්වෙන නමුත් ඇත්තට ම මේවා නම් විනෝද චාරිකා …

Continue Reading

තනපටයක් තරම් නොවටිනා පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රශ්නය

මාලඹේ SAITEM ආයතනයේ සිසුන්ට ශ්‍රී ජයවර්ධනපුර රෝහල තුළ සායනික කටයුතු කිරීමට අවසර ලබා දීමට සූදානමක් පවතින බව වාර්තාවෙයි. මෙම SAITEM ආයතනය වෛද්‍ය විද්‍යාලයක් ලෙස පිළිගැනීමට නොහැකි බව ජනපතිවරයා ද ප්‍රකාශ කළ තත්වයක් තුළ මෙසේ කටයුතු සිදුවීම යම් සැකයකට තුඩු දෙන බව පැහැදිලිව පෙනේ. රටේ ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් බවට පත්ව ඇති මෙයට අදාළ මැදිහත්වීම ජනපතිවරයා සහ අගමැතිවරයා ද අත්හැර ඇතැයි කිව යුතු …

Continue Reading

අතරමැදියන් නොමැතිව කෙළින්ම ‘ජනපතිට කියන්න’ පුළුවන් ක්‍රම මෙන්න!

අතරමැදියන් නොමැතිව රටේ ජනතාවගේ ගැටළු, දුක්ගැනවිලි හා යෝජනා සෘජුවම ජනාධිපතිවරයාට යොමු කළ හැකි ක්‍ර‍මයක් ඊයේ (ජනවාරි 08) ආරම්භ කරන ලදී. ‘‘ජනපතිට කියන්න” නම් මෙම වැඩසටහනේ දී ඕනෑම දුරකථනයකින් 1919 අමතා තමන් කැමති භාෂා මාධ්‍ය තෝරාගෙන අංක 02 ට යොමු වීමෙන් සෘජුවම ජනාධිපතිවරයාගේ කාර්යාලයේ නියෝජිතයකු හා සම්බන්ධ වීමට පහසුකම් සපයා ඇත. එසේම ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවි හා නිල සමාජ ජාල ඔස්සේ …

Continue Reading

ජනපති මෛත්‍රී කරයි!

තමාව ඝාතනය කරන්නට තැත් කිරීමේ වරදට වරදකරුවකු ව සිරදඬුවම් විඳිමින් සිටි අයෙකුට ජනපති සමාව ලබාදෙන්න මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා තීරණය කර තිබේ. 2006 දී එවකට සෞඛ්‍ය ඇමතිවරයාව සිටිය දී පොළොන්නරුවේ දී මෙම ඝාතනය සිදු කිරීමට උත්සාහ කළ බව චෝදනා කර තිබුණි. චෝදනා ඔප්පු වීමෙන් සිර දඬුවම් නියම වූ සිවරාජා ජෙනීවන් හෙවත් සෙනන් යන අයට ජනපති සමාව ලබා දී ඇත. ආර්යාවට බැන්නා …

Continue Reading